කෝටි 7 ක වාහන කොල්ලයට හිටපු පොහොට්ටු මන්ත්‍රී පුතෙක් ඇතුළු 4ක් අත්අඩංගුවට

Date:

තෙල්දෙණිය – කෙන්ගල්ල ප්‍රදේශයේ වාහන අංගනයකින් සුඛෝපභෝගී වාහන 4ක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු සිව්දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අදාළ වාහන අංගනයට පෙරේදා (29) අළුයම කඩාවැදුණු පස්දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් එහි සිටි සේවකයින් දෙදෙනා බැඳදමා එහි තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ තුනක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් පැහැරගෙන ගොස් තිබිණි.

එම වාහනවල වටිනාකම රුපියල් ලක්ෂ 770 කට අධික බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් වත්තේගම පොලිසිය ඊයේ (30) සිදුකළ වැටළීමකදී වත්තේගම, දොරගමුව, සිරිමල්වත්ත ප්‍රදේශයේ නිවසක් පසුපස ගරාජයක තිබී ජීප් රථ දෙකක් සොයාගෙන ඇත. එම නිවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකුගේ නිවසකි. එම ජීප් රථ දෙක කොටස් කිරීමට සූදානම් කර තිබී ඇති බව සඳහන්.

එහිදී එම හිටපු මන්ත්‍රී පුතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු සහ සොරකම සඳහා ගිය කැබ් රථයක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අනෙක් ජීප් රථය නිට්ටඹුව, පන්නිල ප්‍රදේශයේදී සොයාගෙන තිබුණු අතර එය ද කොටස් කිරීමට සූදානම් කර තිබී ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන් වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.

කොල්ල කෑ සුඛෝපභෝගී වෑන් රථය පොල්ලගොල්ල ජලාශයට යන මාර්ගයේ අතැර දමා ගොස් තිබියදී සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...