උද්ධමනය සියයට 12 දක්වා අඩු වේ. පොලී අනුපාතිකත් පහළ බසින ලකුණු

Date:

අප විසින් මාස ගණනාවකට පෙර සිටම විශ්වාසනීය ලෙස ප්‍රකාශ කළ පරිදි ගෙවුණු ජූනි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 12.0% දක්වා අඩු වී ඇති අතර ආහාර උද්ධමනය 4.1% දක්වාම පහත වැටී තිබෙනවා. මේ මාසයේදී ආහාර උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙන බවද අප විසින් කලින්ම සඳහන් කර තිබුණු දෙයක්. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු ජූනි මාසයේ උද්ධමනය මීටත් වඩා අඩු වී තිබිය හැකියි.

ආහාර උද්ධමනය මේ වන විටද මහ බැංකුවේ අපේක්ෂිත දිගුකාලීන ඉලක්කය වන 4%-6% පරාසය කරා පැමිණ තිබෙනවා. ඉදිරි ජූලි මාසයේදී සමස්ත උද්ධමනය 8%කට ආසන්න මට්ටමකට පැමිණෙනු ඇති අතර අගෝස්තු මාසය වන විට තවත් පහළට පැමිණ ඉලක්ක පරාසය වෙත පැමිණීමට නියමිතයි.

ඉහත තත්ත්වය තුළ මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබෙන්නේ උද්ධමන අගයට වඩා ප්‍රතිශතාංක කිහිපයක් ඉහළින්. මෙම තත්ත්වය හමුවේ, එළැඹෙන බ්‍රහස්පතින්දා මහ බැංකුව විසින් සිය පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් කරනු ඇතැයි සිතිය හැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...