අපි ඉන්නේ දැන් තීරණාත්මක අවධියක. සරු දේ සහ නිසරු දේ හරියට අවබෝධ කර ගත යුතු යි – සජිත්

Date:

මේ වන විට රට තීරණාත්මක අවධියකට එළඹ ඇති බවත් රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ යනුවෙන් මීට පෙර පැවසුවත් එම තීරණය වෙනස් කර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු කිරීමට සූදානම් නිසා මීළඟ දින දෙක අප රටට විශාල වැදගත් දවස් බවත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සේ සරු දේ සහ නිසරු දේ තෝරා බේරා ගැනීමේ තීරණාත්මක අවස්ථාවක් උදා වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැඩ කරන ජනතාවගේ පොඩි මිනිසාගේ, මධ්‍ය පාන්තිකයාගේ සාමාන්‍ය ජනතාවගේ අර්ථ සාධක අරමුදලට පවා මේ රජය බලපෑම් කරමින් සියලු බර මේ රටේ වැඩ කරන ජනතාව මත පටවා ඇති බැවින් මේ අවස්ථාවේ හරි දේ හරි ආකාරයෙන් තේරුම් ගැනීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තව ද සමගි ජන බලවේගය ගෞරවනීය භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිඅරගෙන සරු දේ සහ නිසරු දේ හරිහැටි අවබෝධ කර ගෙන ඇති බවත් භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගෙන සෑම අවස්ථාවකදී ම නිර්ව්‍යාජව නිවැරදිව අධිෂ්ඨානශිලීව ජනතා කේන්ද්‍රීය ගමන ක්‍රියාත්මක කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සම්පත් හොරා කමින් වංචා දූෂණය ක්‍රියාත්මක කරමින් පසුගිය කාලයේ ගෙන ගිය පාලනය නිසා අප රට මේ වන විට අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇති බැවින් මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් දශ රාජ ධර්මය අනුගමනය කරමින් රට ගොඩ ගැනීමට සූදානම් මේ ගමනේ දී නිරන්තරයෙන් ගෞරවනීය මහා සංඝරත්නයේ මෙන්ම සෙසු ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීමට සහ පිළිපැදීමට ද සුදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති විනය ගරුක පරපුරක් උදෙසා වූ භික්ෂූ උපදේශක සභාව අමතමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...