කාදිනල් හිමිපාණන්ගෙන් සැර ප්‍රකාශයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව ලිබරල්වාදී ක්‍රමවේදය තුළින් සිදුවන්නේ රට තවදුරටත් බංකොලොත් වීම පමණක් බවත් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත ණය ප්‍රතිව්‍යුගත වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි.

තවදුරටත් අදහස් දක්වූ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ,

“මේ රටේ තියන සම්පත් සූරා කාලා. මේ රටේ තියන සම්පත්වලින් පෝෂණය කරලා පෝසත් කරන්නේ නැතුව විදේශීය රටවලින් කන බොන හැමදෙයක්ම ලංකාවට ගෙන ආර්ථික ක්‍රමවේදයක් ඇති කරලා කොම්පැණිවල අතරමැදියෝ හම්බකරන මුදල් ප්‍රමාණය කෝටි ගණන්. විදේශීය බැංකුවලින් ණය අරන් දැන් ණය ප්‍රතිව්‍යුහගතකරනවා කියලා මොකක්දෝ හොර වැඩපිළිවෙලක් යනවා මේ දවස්වල. මොකක්ද මේ ක්‍රමවේදය. මේ රට ඇතුළෙම තියෙන දෙවල් වලින් රට පෝෂණය කරලා මේ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකයක් කරන්නට කටයුතු කරන්නේ නැතිව මේ ගොල්ලෝ කරන්නේ විදේශීය රටවල් වලින් ණය අරගෙන කාකා බිබී ඉන්නවා. දැන් ඉන්න නායකයා විශේෂයෙන්ම නිව් ලිබරල්වාදී ආකල්ප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා එයා එක වැළඳගත්තා කියලා. ඒ නිව් රිබරල්වාදී ආර්ථික ක්‍රමය තුළ රට පුලුවන් තරම් දුප්පත් කරන්න තමයි කටයුතු වෙලා තියෙන්නේ.  මේ ක්‍රමවේදය තුළ අපි සේරම වහල් ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ.”

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ උතුරේ රටවල් වල ආර්ථික බලය රඳවාගෙන ඒ ක්‍රමවේදය පමණක් පාවිච්චි කිරීමට ධෛරියමත් කරන සංවිධානයක්. අමෙරිකාය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එකට මුදල් ලබා දීලා තියෙන්නේ. ඒ අය අපිට ආධාර කරනවා නෙමෙයි අපෙන් සූරාකෑමක් තමා කරන්නේ දිගටම. වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ අපිට ණය දෙනවා පමණයි. ඉතින් මේ රට තුළ අපිට ස්වංපෝෂිත ආර්ථිකයක් හොයා ගන්න වෙන්නේ නෑ. අපේ ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න වෙන්නේ නෑ. මේ ණය ක්‍රමය අපි පාවිච්චි කරනකල්.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...