“නිදහස” එක්ක සමන්ත හමුවෙන්න 03 වෙනිදා

Date:

වෛද්‍ය සමන්ත සෙනවිරත්න විසින් රචිත “නිදහස නැති නිදහස” නැමැති කෙටිකතා සංග්‍රහය KBOOKS ප්‍රකාශනයක් ලෙස එළි දක්වා තිබේ.

මෙම කෙටිකතා සංග්‍රහයේ විවිධ තේමා යටතේ කෙටිකතා අටක් ඇතුළත් වේ. මෙය ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. කතුවරයා විසින් මෙයට පෙර කවි පොතක් අස්සෙ ලියුමක් නමින් කවි සංග්‍රහයක් එළි දක්වා තිබේ. එසේම ඔහු ගීත කිහිපයක් ද රචනා කර ඇත.

මෙම කෘතිය මේ දිනවල මහනුවර පොත් ප්‍රදර්ශනයේ KBOOKS කුටියෙන් වට්ටම් සහිතව ලබා ගත හැකිය. එසේම ජූලි 3වන දින එහි කතුවර හමුවේදී වෛද්‍ය සමන්ත සෙනවිරත්න හමුවීමට ද අවස්ථාව ඇත.

මෙම කතුවරයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇති අතර දැනට වෘත්තියෙන් රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කුරුණෑගල මහ රෝහලේ සේවය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...