අද දවසේත් තැන තැන වැසි – 07/02 කාළගුණය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

අද (02) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි..

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොරු බෝ කරන ඉතාලි පාළු ගෙවල් ….

මේ ගැන කාලාන්තරයක් තිස්සෙ ලියන්න හිතා හිටියත් ලිව්වෙ නෑ....

ලියන්නෙකුට සමාජය වෛර කරන්නේ ඇයි ?

ගත් කරුවෙක් වෛරයට ලක්වනුයේ ඇයි.?ලියන්නෙකුට සමාජය වෛර කරන්නේ ඇයි.? ඔහු...

කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස...

නාමල්, සාගල, ශවේන්ද්‍ර ඇතුළු හිටපු ප්‍රබලයින් 28 කගේ වත්කම් ගැන විමර්ශනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රබලයින්...