*
Thursday, July 4, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා තරුණයින්ගෙන් විශිෂ්ට සටනක්

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 02, (LNW) කොළඹ :

අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ පළමු පරාජය අත් විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිඳු වුණා.ඒ දෙරට අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර පැවති දෙවන එක්දින තරගයෙදී.මෙහිදී පරාජය ඇතුළත දකින්නට ලැබුණු අපූර්වත්වය වන්නේ තරගයක් පරාජය වන්නට ඇති ඉඩ දැක දැකත්,ජය ගන්නට දරන උථ්සාහය සහ පරාජය වඩාත් ගෞරවණීය තත්ත්වයක තබා ගන්නට දරන වෑයමත් ශ්‍රී ලංකා යෞවනයව් වෙතින් කැපී පෙණීම.එය අනාගතයට යහපත් තත්ත්වයක්.


කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ඉණිම සම්පූර්ණයෙන්ම ෆ්‍රෙඩී මැකාන් වටා ගොනු වූ එකක් වුණා.එහි දී ෆ්‍රෙඩී පන්දු 139 න් ලකුණු 174 ක් රැස් කරමින් අති විශිෂ්ඨ ඉණිමක් දියත් කළා.ඔහු නොහ් කායින් (66) සමඟ දෙවන කඩුල්ලට ලකුණු 127 ක සබඳතාවක් ගොඩ නැඟුවා.යළි චාර්ලි ඇලිසන් (46) සමඟ ලකුණු 133 ක සබඳතාවයකට ද දායක වුණා.තරගයේ පළමු පන්දුවේ සිට 48 වන පන්දු ඕවරයේ තෙවන පන්දුව තෙක් ෆ්‍රෙඩී කඩුල්ලේ රැදී සිටිමින් පෑ දක්ෂතා නිසා පන්දු ඕවර් 50 නිමා වන විට එංගලන්ත ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 360 ක් ව තිබුණා.


පන්දු යැවීමේදී නායක දිනුර කළුපහන කඩුලු 5 ත් ලබා ගත්තච ඔහුගේ පන්දු ඕවර් 10 තුළ එංගලන්ත තරුණයින් ලකුණු 81 ක් රැස් කර ගන්නට සමත් වුණා.දැවී ගිය ඉතිරි කඩුපු දෙකේ උරුමක්කාරයා වූ දුමිඳු සෙව්මිණ පන්දු ඕවර් 10 සඳහා ලකුණු 91 ක් ලබා දුන්නා.ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කඩුලු ලබා ගැනීමට නොහැකි වුව ද,එංගලන්ත පිතිකරුවන්ට පිත්ත ඔසවා පහර දීමට තැති ගැන්මක් ඇති වන ආකාරයට පන්දු යැවීම සිඳු කළේ විහස් තෙව්මිකයි.ඔහු පන්දු වාර 10 ලකුණු 35 ට සීමා කර ගැනීමට සමත් වුණා.ඔහුගේ පිට දඟ පන්දුව එංගලන්ත වේග තණතිලි තුළත් පිිතිකරුවන්ට පහසුවෙන් පහර දීමේ ඉඩක් සකසා නොදීම විහස් ගැන අනාගතයට විසල් බලාපොරොත්තු ඇති කර ගැනීමට දුන් පණිවිඩයක් ලෙස ගත හැකියි.


ලකුණු 360 ක් යනු පහසු ඉලක්කයක් නොවුණ ද,ශ්‍රී ලංකා කණ්ඩායම එය අභිබවා යා හැකි බව සිත් හී තබාගෙන පිත්තෙන් පිළිතුරු දීම ඇරඹූ බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා.ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා පන්දු 59 න් ලකුණු 64 ක් ද,ගයන වීරසිංහ පන්දු 42 න් ලකුණු 57 ක් ද ලබා ගනිමින් අභියෝගය භාර ගැනීම වෙනුවෙන් හොඳ සළකුණක් තැබුවත් අන් පිතිකරුවන්ට එය ඒ තරම් සාර්ථක ලෙස පෙරට ගෙන යාමට අවශ්‍යය කඩුලු නොදී ප්‍රහාරාත්මක වීම සිඳු කර ගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ.


එහෙත් තරගය ජය ගැනීමට නොහැකි සළකුණු දකිද්දී වුව ද තරුණ ක්‍රීඩකයින් ලකුණු පූවරුව ඉහළට ඔසවා තැබීමට දිය හැකි උපරිම සහය ලබා දෙන්නට කැප වුණා.අංක 11 පිතිකරු විහස් තෙව්මික පන්දු 16 දී ලකුණු 24 ක් ලබා නොදැවී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන පිතිකරුවා ලෙස දුමිඳු සෙව්මිණ තරගයේ 50 වන ඕවරයේ දෙවන පන්දුවේදී ලකුණු 14 ට දැවි යන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 330 දක්වා ඔසවා තබන්නට ශ්‍රී ලංකා යෞවනයන්ට හැකියාව ලැබී තිබුණා.


එංගලන්ත පන්දු යැවීම සළකද්දී වැඩාත්ම කැපී පෙණුනේ කණ්ඩායම් නායක ලුක් බෙන්කිස්ටන් වූ අතර ඔහු පන්දු ඕවර් 10 නිමා කරන විට කඩුලු 4 ක් ලකුණු 77 ට දවා ගන්නට සමත්ව තිබුණා.ශ්‍රී ලංකා තරුණයින් අති විශිෂ්ඨ සටනක් ලබා දෙමින් ගෞරවණීය පරාජයකට මුහුණ දුන් මේ තරගයේ සමස්ත ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.


https://es.pn/4cGvvb9
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පරාජයට හේතු වූ දැවන්ත ඉණිමක් ගොඩ නැඟූ ෆ්‍රෙඩී මැක්කැන් පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan