සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙල 06 වැනිදා එළිදකියි!

Date:

කොළඹ LNW:එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා ශ්‍රී ලංකාව ගොඩ නැංවීමේ උපාය මාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත එළඹෙන 06 වැනිදා එළිදැක්වීමට නියමිත බව සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී මණ්ඩලයේ චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම සඳහා අද (02) පැවති මාධ්‍ය හමුවේදීයි ජයසුමන මහතා ඒ බව කියා සිටියේ.

එම උපාය මාර්ගික වැඩපිළිවෙල ගැන රට පුරා සංවාද කිරීමට නියමිත බවයි එහිදී ඔහු තවදුරටත් පැවසුවේ.

”මේ වන විට දේශපාලන පක්ෂ ගණනාවක් මැතිවරණ කේන්ද්‍ර කර ගනිමින් විවිධ අදහස් දැක්වීම් කරනවා. නමුත් ඔවුන් මේ වනතෙක් උපාය මාර්ගික වැඩපිළිවෙල ඉදිරිපත් කරලා නැහැ. හැබැයි අපි ඉතාම මෑතකදී පිහිටුවා ගත් දේශපාලන බලවේගයක් වුනත් සර්වජන බලයේ උපායමාර්ගික වැඩපිළිවෙලේ පළමු කෙටුම්පත ලබන 06 වැනිදා සවස 2.00ට එළිදක්වනවා. අපි අවස්ථාව ලබා දීලා තියෙනවා ජනතාවට එම උපායමාර්ගික වැඩපිළිවෙල පිළිබද සජීවී සංවාදයක් රටපුරා සිදු කරන්න. ඒ වගේම තමයි ඊයේ (02) ජනාධිපති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. මීට දින කිහිපයකට පෙර ජනතාව අමතලා සිදුකල ප්‍රකාශයත් ඊයේ කළ ප්‍රකාශයත් අතර එතරම් වෙනසක් නැහැ. හැබැයි පාර්ලිමේන්තුව එක දිනක් රැස් කරන්න අති විශාල මුදලක් වැය වෙනවා. මුලින් කිව්වා විවාදයක් තියනවා අවසානයේ ඡන්ද විමසීමක් තියනවා කියලා. හැබැයි කිසිම දෙයක් වුනේ නැහැ. අලුතින් එකතු වුන එකම කාරණය තමයි එතුමාගේ කතාවේ එක තැනක කිව්වා එතුමා බලාපොරොත්තු වෙනවා කියලා එංගලන්තයේ මහ බැංකුව බිදින්න ඒ සදහා අපේ එකගතාවය හිමි වෙනවද කියලා එතුමා ඇහුව්වා. ඒ ඇරෙන්න කිසිම අලුත් දෙයක් නැහැ ඊයේ කළ කතාවේ. ඒ වගේම ජනපති හිටියේ හරි නොසන්සුන්ව. මොකද පසුගියදා මාතර පැවති රැස්වීම අසාර්ථක වීම බලපාන්න ඇති. මොකද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ සදහා එක්වන බවට සදහන් කර තිබුණා. නමුත් ආවේ නැහැ.” යනුවෙන් චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...