ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

Date:

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW:

ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ සුවිශේෂී ඉසව්වක් වන බේස්බෝල් තරගාවලිය පසුගියදා දියගම ජපන් ශ්‍රි ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රිඩා පිටියේදී සාර්ථකව අවසන් වූයේ පළමු වරට ගුවන් හමුදාවට සූරතාවය හිමි වෙමින්ය.

මෙම තරඟාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම සුවිශේෂී දක්ෂතා දක්වමින් අවසන් මහා තරගයේදී ලකුණු 4-2 ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව පාරාජය කරමින්, 13 වන ආරක්ෂක සේවා බේස්බෝල් ශුරතාවය දිනා ගැනීමට සමත් විය. මෙම තරඟයේදී වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ගුවන් හමුදාවේ ‌කෝප්‍රල් සමීර සදරුවන් විසින්ද දක්ෂතම පන්දු යවන්නා ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන් භට සන්දීශ මීගොඩ විසින්ද දක්ෂතම පිතිකරනයට හිමි සම්මානය කොප්‍රල් චින්තක ඉදුනිල් යන ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදී.

මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජී එස් ඩී වීරසූරිය සහභාගි වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා බේස් බෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩොර් චන්දිමාල් හෙට්ට්ආරච්චි, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ ඒ ඩී ආර් සී කන්නන්ගර ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...