කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකපිට එම මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා නිලධාරීන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
යුධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් සිව්දෙනෙකු මෙසේ ඊයේ (01) දිනයේදී අත් අඩංගුවට ගත් බවයි වැලිකන්ද පොලිසිය පවසන්නේ.
නිලධාරීන් විසින් අදාළ රැඳවියාට පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර එසේ අමානුෂික ලෙස පහරදීමට යොදාගත් උණ පතුරු සහ විදුලි රැහැන් කිහිපයක් ද එම මධ්‍යස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
RN