විදුලි බලාගාර රැසක ඉන්ධන මට්ටම් බරපතළ ලෙස පහළට ….

Date:

ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාර රැසක ඉන්ධන තොග දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් මට්ටමකට පහළ බැස ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසම විසින් ඊයේ (01) දිනයේදී නිකුත් කළ සටහනකට අනුව සොජිට්ස් බලාගාරය සහ මාතර ඒස් බලාගාරය සතු ඉන්ධන තොග ඊයේ දිනය වනවිටත් අවසන්ව තිබී ඇත.

එසේම තවත් බලාගාර රැසකම ඉන්ධන අද දිනයේදී අවසන් වීමට නියමිතව ඇති අතර තවත් දින තුනකට ප්‍රමාණවත් ඉන්ධන සතුව ඇත්තේ සපුගස්කන්ද A, සපුගස්කන්ද B සහ බාර්ජ් යන බලාගාරවලට පමණි.

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය සතුව ලබන ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාණවත් ගල් අඟුරු තොග ඇති නමුත් එම බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නතර කර ඇති බැවින් එයින් ලැබෙන ධාරිතාවය ද මෙගාවොට් 540ක් දක්වා පහළ බැස තිබේ.

ඒ අනුව රජයට අද දිනයේදී IOC සමාගමෙන් ඩීසල් තොගයක් ලබාගැනීමට හැකි වුවහොත් පමණක් විශාල විදුලි කප්පාදුවකට නොයා සිටීමට හැකිවනු ඇති බවයි ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...