ඩෙංගු මර්දනය කරන්න වුණත් ආණ්ඩුවට අත්දැකීමක් නැහැ.වෘත්තීය සමිති නායකයින්ට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ – සජබ හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ලෝක වෙළඳපොළේ වැඩි වන විට ඉන්ධන මිල වැඩි කළද අඩු වන විට එම සහනය ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකරන අතර සොච්චම් මිලකින් ඉන්ධන මිල පහත දමා ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

තෙල් මිල වැඩි වන විට භාවිතා වන මිල සූත්‍රයත් තෙල් මිල අඩුවෙන විට භාවිතා වන මිල සූත්‍රයත් නිර්මාණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයෙන් දැයි සැකයක් පවතින බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

”ඉන්ධන මිල සොච්චමකින් අඩු කරන්න ආණ්ඩුව කටයුතු කළා. නමුත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වනවිට රජය වැඩිකරනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වනවිට ඒ සහනය ජනතාවට ලබාදෙන්න රජය කටයුතු කරන්නේ නැහැ. ලෝක වෙළදපොලේ තෙල් මිල වැඩිවනවිට එක මිල සූත්‍රයක්. ලෝක වෙළදපොලේ තෙල් මිල අඩු වෙද්දි තවත් මිල සූත්‍රයක්. මේ මිල සූත්‍ර නිර්මාණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයෙන්දැයි සැකයක් තිබෙනවා. නිවැරදි මිල සූත්‍රයක් භාවිතා කළානම් මෙවැනි දේවල් සිදුවන්නේ නැහැ.

ඒ වගේම ඔටෝ ඩිසල් මැදපෙරදි යුද්ධයට පෙර ලිටයරක් රුපියල් 281 යි. මැදපෙරදිග යුද්ධ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඩිසල් ලිටරයක් රුපියල් 382 ක් බවට පත් වී තිබෙනවා. නමුත් ලෝකයේ වෙනත් රටවල් මැදපෙරදිග යුද්ධය අවසන් වීමත් සමඟ ඩිසල් ලිටරයක මිල අඩු කරන්න කටයුතු කරනු ලැබුවා. ඒ වගේම 92 පෙට්ට්‍රල් ලිටරයක් 293 ට අලෙවි කළා. නමුත් දැන් 92 පෙට්ට්‍රල් ලිටරයක් 414 ක් වෙනවා. නමුත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වුවත් රජය ඉන්ධන මිල අඩු කරන්න කටයුතු කරන්නේ නැහැ. රටේ ජනතාව ජිවත් කරවන්න බැරි ඉන්ධන මිල සූත්‍රයක් නිර්මාණය කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.”

මේ අතර ආණ්ඩුවේ ඩෙංගු මර්දන වැඩපිළිවෙල ගැනද මන්ත්‍රීවරයා අදහස් දක්වා සිටියේය.

”ඩෙංගු රෝගය මරාන්තික උවදුරක් බවට පත් ව තිබෙනවා. රෝහල්වල ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබෙනවා. ඩෙංගු රෝගය මර්දනය කරන්න ආණ්ඩුව සැලසුමකින් යුක්තව කටයුතු කරන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ බලය හිමි පළාත් පාලන ආයතන ඩෙංගු මර්දනය කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. රජයෙන් පළාත් පාලන ආයතනවලට වැඩපිළිවෙළක් ලබාදිලත් නැහැ. ඒ වගේම ඩෙංගු මර්දනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාදිලත් නැහැ. ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳවත් ගැටලු තිබෙනවා. ඒ වගේම ඩෙංගු රෝගය මර්දනය කරන්න ආණ්ඩුවට කිසිදු පලපුරුද්දක් අත්දැකීමක් නැහැ. වෘත්තිය සමිති ව්‍යාපාරවල නායකයන් පළාත් පාලන ආයතනවල මුල්පුටුවලට පත් කරලා තිබෙනවා. නමුත් ඔවුන්ට තින්දු තිරණ ගැනීමට කිසිදු දැනුමක් නැහැ. කෙසේ නමුත් රටේ ඩෙංගු රෝගීන් ප්‍රමාණය පනස්දහස ඉක්මවා ගොස් තිබෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...