*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

තීරණාත්මක දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ඡන්ද විමසීමට මහින්ද, නාමල්, චමල් නෑ !

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (01) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ අවස්ථාවට ප්‍රධාන පෙළේ දේශපාලන චරිත කිහිපයක්ම ඇතුළු මන්ත්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් පැමිණ නොසිටීම කතාබහට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් මෙම ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.

සමගි ජන බලවේගය නියෝජනය කරන රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් ද නොපැමිණි මන්ත්‍රීවරුන් අතර වෙයි.

එමෙන්ම ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වී සිටින හෙයින් ඊයේ පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණු අතර විපක්ෂව ඡන්ද 62ක් ලැබී තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan