*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/02

  1. සුරාබදු දෙපාර්තමේන්තුව සියලු සුරාබදු ගාස්තු ඉහළ නංවන බව නිවේදනය කරයි: ඒ අනුව, සියලු සැර මත්පැන් වර්ගවල මිල බෝතලයකට රු. 300කින් පමණ ඉහළ යයි: බියර් රු. 50කින් පමණ ඉහළ යයි: සිගරට්ටුවක මිල රු. 25කින් ඉහළ යයි.
  2. රජයේ යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 60 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි: පක්ෂව ඡන්ද 122, විපක්ෂව 62; සමඟි ජන බලවේගයේ පා.ම. රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී විජේරත්න, සහ මනෝ ගනේෂන් විපක්ෂය පාර්ශවයෙන් සභාවේ නොසිටියහ: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, පා.ම. නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ ආණ්ඩු පක්ෂය පාර්ශවයෙන් සභාවේ නොසිටියහ: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් මධ්‍යස්තව සිටියේය.
  3. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය අර්ථසාධක අරමුදල් හෝ බැංකු සංචිතවලට කිසිඳු අවදානමක් එල්ල නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: කෙසේවෙතත්, සේවක අර්ථසාධක අරමුදලේ සැබෑ ඉපයීම් 29% වන විට, 09% පමණක් බැරකොට එම අරමුදලේ සාමාජිකයන්ගේ ශේෂ 2022 වසර තුළ 20%කින්ම කපා දැමීමට මුදල් මණ්ඩලය කටයුතු කළ බව විශ්ලේෂකයෝ අනාවරණය කරති: මේ අනුව, 2021 දෙසැම්බර් අවසානවන විට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ශේෂ රු. බිලියන 3,068 වූ අතර, 2022 වසර තුළ ඔවුන්ගේ ඉපැයීම්වලින් රු. බිලියන 614 තරම් වූ අතිවිශාල මුදලක් එම සාමාජිකයන්ට අහිමිකොට ඇති බව ද විශ්ලේෂකයෝ අනාවරණය කරති.
  4. හජ්ජි සැමරුම් අතරතුර ස්වීඩනයේ මස්ජිදයක් අසළ ශුද්ධ කුරානය ගිනිතැබීමේ සිදුවීම ශ්‍රී ලංකා රජය හෙළා දකියි.
  5. රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම පිළිබඳ රෙකමදාරු ලබා දීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් දොලොස්-පුද්ගල පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කරයි.
  6. ඉකුත් සතියේ හඳුන්වා දුන් විදුලිය ගාස්තු සංශෝධනයත් සමඟ, පිරිවැය-ඵලදායී ලෙස ප්‍රතිව්‍යූහගතකරණයට ලක්වෙමින් තිබෙන ලංකා විදුලිබල මණ්ඩලය, ඉදිරි මාස 06 තුළ රු. බිලියන 37 ක පමණ පාඩුවක් ලබනු ඇති බවට එම මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසයි: ඉදිරි මාස 06 සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කළ ගාස්තු කප්පාදුව රු. බිලියන 10 පමණ වූ මුත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ගාස්තු කප්පාදුව අනුව රු. බිලියන 47 ක් වැය වන බව ද පවසයි.
  7. අමුද්‍රව්‍ය සහ අතරමැදි ද්‍රව්‍ය සඳහා වන ආනයන බද්ද නිදහස් කිරීම කෙරේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් දැඩි අවධානයක් යොමු කර ඇති අතර, මෙම වසර අවසන් වීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැකි බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම පවසයි.
  8. කොළඹ සිට කි.මී. 1,260ක් පමණ ඔබ්බට වන්නට ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් මුහුද පත්ලෙන් රිච්ටර් මාපකයේ 5.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි: මෙමඟින් ඇතිවූ කම්පනයෙන් අහිතකර බලපෑම් කිසිවක් සිදුවී නොමැති බව ද තහවුරු කරයි.
  9. තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ “මුතු රාජා” දළ ඇතා නැවත තායිලන්තයට රැගෙන යාමට රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටයුතු කරයි: “මුතු රාජා” තායිලන්තයේ දී එරට පශු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නියමිත බව ද සඳහන්.
  10. ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට එරෙහිව පැවැති ක්‍රිකට් තරඟයේ දී ආබාධයකට ලක්වූ වේගපන්දු ක්‍රීඩක ලහිරු කුමාරට ICC තරඟාවලියේ ඉතිරි තරඟ අහිමි වනු ඇත: ඔහු වෙනුවට සහන් ආරච්චිගේ යෙදවීමට නියමිතය: වනිඳු හසරංගට, නෙදර්ලන්තයට එරෙහිව පැවති තරඟයේ දී ICC නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නිල තරවටු කිරීමක් සහ තරඟ ගාස්තුවෙන් 50%ක දඩයක් නියම වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan