හයිටියට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර සහය අවශ්‍යයයි – එක්සත් ජාතීන්ගේ ප්‍රධානී

Date:

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී අන්තෝනියෝ ගුටරෙස් හයිටියේ පෝට්-ඕ-ප්‍රින්ස් හි සංචාරයක යෙදී දිගු කලක් තිස්සේ අර්බුද සහ දරාගත නොහැකි ජීවන තත්වයන්ට මුහුණ දී සිටින ජනතාව හමුවීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ කල්ලිවලට එරෙහිව සටන් කිරීමට ජාත්‍යන්තරික වශයෙන් වේගවත් ක්‍රියාකාරී බලකායක් අවශ්‍යය බව ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රධාණීගේ යෝජනාවට කැනඩාව සහ බ්‍රසීලය යනාදී වශයෙන් රටවල් කිහිපයක් දායක වීමට කැමැත්ත පළ කරමින් වේගවත් ක්‍රියාකාරී බලකායක් නිර්මාණය කිරීමේ යෝජනාවට පුළුල් සහයෝගයක් ලැබී ඇති මුත්, හයිටියේ මෙහෙයුම මෙහෙයවීමට කිසිවෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී නොමැත.

හයිටියට මැදිහත් වීමේ දිගු ඉතිහාසයක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජාතීන්ගේ ප්‍රධානීගේ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, වොෂින්ටනය හයිටිය වෙනුවෙන් නායකත්වය නොදෙන බවත් ඒ වෙනුවට නවීකරණය වෙමින් පවතින ජාතික පොලිසිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවත්ය.

පෝට්-ඕ-ප්‍රින්ස්හි සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබුණේ අනාරක්ෂිතභාවය සන්නද්ධ ගැටුම් හේතුවෙන් අතිශය බරපතල ලෙස මානව හිමිකම් කඩවී ඇති බවයි. සමස්ත හයිටි ජනගහනයෙන් අඩකට වඩා මානුෂීය ආධාර අවශ්‍යය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, සාගින්න සහ මන්දපෝෂණය, ආර්ථික දරිද්‍රතාවය මෙන්ම කෙලරාව ආදී හේතූන්ගෙන් කාන්තාවන් හා ළමුන් පීඩාවට පත්ව ඇති බවත් ඔවුන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය හා ලිංගික හිංසනය අතිශය බරපතල ලෙස සිදුවන බවත්ය.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!