දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තවත් පැත්තක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනයක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ,

ඒ පිළිබඳ අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා ,

“මේකත් එක්ක සම්බන්ධ වෙන සියලුම විශ්‍රාමික අරමුදල්වලට මේ සඳහා සම්බන්ධ වෙන්න ආරාධනාවක් කරන්න, එහිදී අදහස් හුවමාරු කරගන්න, ඔවුන්ගේ දත්ත බෙදාගැනීම තමා විශේෂයෙන්ම කෙරෙන්නේ. ඒ අතරවාරයෙන් පසුව ඔවුන්ට අවස්ථාව සලසා දෙනවා මේ පිළිබඳ අවශ්‍ය තීරණය ගන්න. මේකට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා දේශීය ආදායම් පනත සංශෝධනය කරන්න වෙනවා. ඒ වගේම අපේ විසර්ජන පනත සංශෝධනය කරන්න වෙනවා මේ වැඩවලට සමගාමීව. ඉන් අනතුරුව ඔවුන්ගේ තීරණය දැනුම්දුන්නාට පස්සේ අපිට පුළුවන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...