TEJC අඹ ප්‍රභේදය ගැන කෘෂිකර්ම ඇමතිගේ දැඩි අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

විදේශ වෙළෙඳපළේ පවා ජනප්‍රිය අඹ ප්‍රභේදයක් වන අප රටේ නිෂ්පාදිත TEJC අඹ ප්‍රභේදය අසීමාන්තික ලෙස වගා කිරීමට පියවර ගැනීම නිසා එම අඹවල ගුණාත්මකභාවය කෙරෙහි බලපෑම් එල්ලවෙමින් පවතිත අතර, TEJC අඹ ප්‍රභේදය සාමාන්‍ය වගාවක් වශයෙන් පවත්වාගෙන යාමත්, එම අඹ පැළ විශාල වශයෙන් ගෘහස්ථ පරිභෝජනය සඳහා වගා කිරීමට පියවර ගැනීමත් නිසා එම අඹ වගා කළ යුතු නිවැරදි ආකාරය ගොවි මහතුන් වෙතින් ගිළිහී යමින් තිබෙන බව වාර්තා වේ.

දැනට වෙළෙඳපළේ අලෙවි කරන එම අඹ නිසි ප්‍රමිතියට වගා කළ ඒවා නොවන බව පෙනී යයි. අඹ ගෙඩිය මතුපිට දීප්තිමත් කහ වර්ණයක් දක්නට නොමැති අතර අඹ ගෙඩිය මතුපිට පුස් බැඳී ඇති බවක් දිස්වෙන අතර, පරිභෝජනය සඳහා මෙම තත්ත්වය ගැටළුවක් නොවුනත්, අපනයනයේ දී නිසි ප්‍රමිතීන් අනුගමනය කළ යුතුව තිබෙන බව වාර්තා වේ.

මේ නිසා මෙම අඹ ප්‍රභේදය සුලභවීම මත ඉදිරි කාලය තුළ අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ද, එසේ වුවහොත් දැනට මෙම අඹ අපනයනය මගින් රටට ලැබෙන ඉහළ ආදායම අහිමි විය හැකි යැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන TEJC අඹ ප්‍රභේදය තවදුරටත් වගා කිරීම අපනයනය බෝගයක් සේ සැළකිල්ලට ගනිමින් ව්‍යාප්ත කිරීමේ සැළසුමක් සකසන්නැයි අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව සඳහන් වේ.

එමෙන්ම දැනට අප රටේ TEJC අඹ ප්‍රභේදය වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණ දැයි වාර්තාවක් සකසන ලෙසත්, අවශ්‍යතාවය අනුව එම ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නම් මින් ඉදිරියට TEJC අඹ ප්‍රභේදය වගා කිරීමේ දී වෙළෙඳපල අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් ව්‍යාප්ති කටයුතු සිදු කරන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...