*
Friday, July 5, 2024
spot_img

Latest Posts

කාටත් පෙර තරුශිට සහ නදීශාට දෑත දිගු කළ ක්‍රිකට්

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 03, (LNW) කොළඹ :

මේ වන විට තරුශිට බොහෝ තැන්වලින් සුබ පැතුම් ගලා එමින් ඇත.ඒ තරමට නැතත් නදීශා දිල්හානි ලේකම්ගේට සුබ පැතුම් ගලා එන්නේය.අවුරුදු 19 ක කෙල්ල රන් පදක්කම රැගෙන පැමිණි විට එය හොඳ දීර්ඝකාලීන ආයෝජනයක් විය.නමුත් නදීශා ආසියානු මලල ක්‍රීඩා පදක්කම් නියඟය නිමා කරමින් පළමු වරට ගත් රිදී පදක්කම ගැන ඇස නොගැටුණේය.37 හැවිරිදි ඇය දීර්ඝ කාලයකට ව්‍යාපාරයකට වාසි නොදෙන තත්ත්වයක වැඩි අවධානයක් නොලද්දාය.


ශ්‍රී ලංකා ක්‍රිකට් මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම දිනපු පළමු මොහොතේම තරුශිට ලක්ෂ 100 ක් දෙන බව කීවේය.LNW ඒ මොහොතේ එක දෙයක් දැන සිටියේය.ඒ,මලල ක්‍රීඩාවෙන් පදක්කම් දිනීම පහසු වැඩක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හොඳින්ම දන්නා බවය.ජාතික මට්ටමෙන් හෙල්ල වීසි කිරීම පුමුඛ කොට වීසි කිරීම් ඉසව්වල සූරතා දිනා ඇති ශම්මි සිල්වා ට අනිත් පදක්කම්වල වටිනාකම ද අපි පෙන්වා දුන්නෙමු.


සැනින් එයට ප්‍රතිචාර ලැබිණ.සියලුම ක්‍රීඩකයන්ට පමණක් නොව රන් පදක්කම දිනන්නට මැදිහත් වූ පුහුණුකරුට සහ රිදී පදක්කම දිනා දෙන්නට මැදිහත් වූ පුහුණුකරුද ඇතුළත්ව ආසියානු ක්‍රීඩා උළෙලේ රන්,රිදි සහ ලෝකඩ පදක්කම් ගෙනා සියලුම ක්‍රීඩකයින්ට බෙදී යන ලෙස ලක්ෂ 280 ක මුදලක් බෙදා දුන්නේය.ඒ විධිමත්ව ආසියානු ක්‍රීඩා උළෙලේ දක්ෂයන් ඇගයීමට ලක් කරන ලද එකම අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.


එසේම එහිදී සහය දිවීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගි වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් 10 දෙනාටම මූල්‍යමට වශයෙන් ඇගයීම් ලැබිණි.එහෙත් එම පුහුණුකරුවන් 10 දෙනාට මූල්‍යමය ත්‍යාග දීමට ඉදිරිපත් නොවිණි.එම නිසාම එම පුහුණුකරුවන් සිය දරුවන්ගේ ඇගයීමට ද නොපැමිණියේය.එදා ශම්මි සිලංවා එම තිළින ප්‍රදානයෙන් පසුව සුසන්තිකා ජයසිංහ මෙන්ම මා ද එම පුහුණුකරුවන් ගැන සිහිපත් කරද්දි “කෝ එයාලා” යැයි ඇසුවත් එහි කිසිවෙක් පැමිණ නොසිටියේ ය.එය හරියට දියගම විශේෂ තේරිම් තරයේදී ඔලිම්පික් කට උඩ සිටින අයට සහය දෙන්නට එම ඉසව්ව කරන අනිත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුවන්නට නොපැමිණි ආකාරයම සිහියට නැඟීමකි.
එම තරගයේ දී මීටර් 800 ඉසව්ව වෙනුවෙන් තරුශි සමඟ දුවන්නට සිටියේ විහාරි රණසිංහ සහ දිනිති කරුණාරත්න නම් පාසල් ක්‍රීඩිකාවෝය.හෙල්ල වීසි කිරීම නදීශා ලේකම්ගේ කළේ තනිවමය.මීටර් 400 ඉසව්වට කේවීකේ සිල්වා සහ ප්‍රදීප් කුමාර එකතු වී සිටියේය.එම ඉසව්වේ දැවන්තයෝ සැඟවී උන්හ.මලල ක්‍රීඩා සංගමයෙන් ද සුළු වරදක් වී තිබිණ.ඒ හොඳටම දුවන දෙදෙනෙක් මේ තේරීම නොසළකා ඉන්දියාවේ මිශ්‍ර සහය දිවීමට යවා තිබීමෙන්ය.


එදා ශම්මි සිල්වා සභාපතිවරයා විවිධ ගැටළු ගැන ඇසුවේය.ඒ අතරින් මතු වුණු වලල ව්‍යායාම් ශාලාවට සියලු භාණ්ඩ ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් පවරා ගත්තේය.දැනට විධායක සභාවේ ද අනුමැතිය ඇතිව එම කටයුතු සිඳුවෙමින් ඇත.අවුරුදු ගණනක් ජාතික මට්ටමේ සූරතා දිනා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ගෙනා වලල වෙනුවෙන් කෙරෙන ලොකුම පරිත්‍යාගයට ඒ මොහොතේ මඟ පෑදුණේ ඒ ආකාරයටය.
මේ නිසා මේ ගමණට පළමුවරට මේ ක්‍රීඩිකාවන් දෙදෙනාට ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව දුන් දැවන්ත මූල්‍යමය ශක්තිය ඔවුන්ගේ විශ්වාසයට තදින්ම බල පෑවේය.ඒ ආකාරයටම මේ ක්‍රියාදාමය සිඳුවෙද්දී ඇතැම් ආයතන කතා කර තරුශිව සම්බන්ධ කර ගන්න හදද්දී මේ පදක්කම් දිනූ සියලුම ක්‍රීඩකයන්ගේ වටිනාකම් ගැන කියා ඔවුන්ට ද යමක් කරන ලෙස කීව ද,ඒවා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන් නොවීය.සබඳතාවය ලබා ලන්නා තෙක් සියලු කවි ගී කීව ද,අනතුරුව වචනයක් හෝ කතා නොකර වගකීම පැහැර හැරියේය.

දක්ෂතා තමන්ට කොයි තරම් කාලයක් කොයි මට්ටමෙන් ප්‍රයෝජනයට ගත හැකිද යන්න පමණක් ඔවුන්ගේ ඉලක්කය වි තිබිණ.ඒත් ක්‍රිකට් රට ගෙනා ගෞරවය වෙනුවෙන් කිසිඳු බේදයකින් තොරව ඇගයීමට මැදිහත් විය.ඒ නිසා නදීශා සහ තරුශි වෙනුවෙන් මෙන්ම සමහර විට හෙට වන විට අරුණ දර්ශනට මීටර් 400 ට විශ්වීය තේරීම අනුව ඉඩක් ලැබුණොත් ඒ තිදෙනාටම උපකාර කළ අය හැටියට සතුටු වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පිරිසුදු අයිතියක් ඇත.

ජැමෙයිකාවේ බ්ලැක්ෆොර්ඩ් සහ ගෝල්


තරුශි තවමත් 19 හැවිරිදි වුව ද,සමහර විට නදීශාටත් වඩා දුෂ්කරතාවලට මුහුණ දුන්නාය.ඇයට ක්‍රීඩාව කරගෙන යන්නට දිගන ක්‍රීඩාංගණය දැඩි ආශිර්වාදයක් විය.මුල් අවධියේදී එහි සිටි පළාත් ප්‍රධානියා ජගත් අරුණ පුමුඛත්වය ගෙන ඒ ලබා දුන් සහය සුවිශාලය.එහෙත් පසුව එම තත්ත්වය පහව ගොස් තරුශිට ක්‍රීඩා පිටියට ඇතුල් වෙන්නටවත් අවසර නොදී සෑහෙන පීඩාවන්ට ගොදුරු කළාය.අද එම සේවකයින්ට තමන් එලවපු ක්‍රිඩිකාව ගැන “අපේ පිට්ටනියෙ දිව්ව ළමෙක් ඔලිම්පික් යන්නෙ” කියන මට්ටමට පත් කිරීමට තරුශී සමත් වී ඇත.


ඒ වගේම වලලම ගුරුවරයෙක් ව සිට අද මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩාව පිමි ගණනකින් ඉහළට ඔසවන්නට මිත්‍රශීලීව දක්ෂයන්ට සළකන ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධනගෙන් මධයම පළාත් පාසල් කේෂ්ත්‍රයට ලැබෙන දායකත්වයද සුළු නැත.අවසාන කාලයේ ඔලිම්පික් ගමණ තීරනාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පූර්ණ ආශිර්වාදය ඇතුව මේ ක්‍රීඩිකාවන් ගැන මෙන්ම ඔලිම්පික් පරිසාධන මට්ටමේ සිටි සියල්ලන් ගැනම අවධානයෙන් වෙලාවක් නොබලා මැදිහත්ව කටයුතු කළ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු ගැන ද ස්තූති පූර්වකව සිහිපත් කිරීම මේ ඔලිම්පික් නියෝජනයට පිවිසීමේදී සඳහන් නොකරම නොහැකිය.


විශේෂයෙන් සෑම ක්‍රීඩා මාධ්‍ය අංශයක්ම පාහේ තරුශිලා සහ නදීශාලා වෙනුවෙන් සටන්කාමීව මැදිහත් විණි.ඒ නිසා බොහෝ දේ ඔවුන්ට ලැබිණි.ඔවුන් ගැන සමාජය දැන ගැනීමෙන් ජනතාවගේ ආදරය නො’අඩුව ලැබිණ.


නම් වශවෙන් තරුශිටත් නදීශාටත් ස්තූතියි කියන්න දිග නම් පේළියක් තිබෙනු ඇත.අපි එය දනිමු.ඒවා අපි ඔවුන්ගෙන් අසන්නට නොයා මේ සටහන තැබුවේ ඔවුන් දිනූ ගමණේ අප සටහන් කර ගත් දෑ අතරින්ය. මෙහිදී තරුශිගේ මුල සිටම මඟ පෙන්වන්නා වූ සුසන්ත ප්‍රනාන්දු ද,නදීශා ගේ මුල සිට මඟ පෙන් වූ අරුණ ශාන්ත ද,ඉනික්බිති පියෙක් මෙන් රැකවරණයට සිටි නැසී ගිය ඒ.ජේ.රොඩ්‍රිගෝ ද,අනතුරුව ටික කලකට පුහුණුව බලා ගත් මාධව බණ්ඩාර සෙනරත් ද,අද ලෝකය ජයගන්න මට්ටමේ ඇයව රඳවාගෙන සිටින ප්‍රදීප් නිශාන්ත ද පුහුණුකරුවන් ලෙස දැක් වූ මඟ පෙන්වීම අමතක කළ නොහැකියි.
සුළු වැරදි අතපසුවීම් මැද මේ ගමන යන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය හරහාය.ඔවුන් ද මේ ක්‍රිඩිකාවන් ක්‍රිඩා කරන හැම මොහොතකම විනිසුරු පදවි දරමින් ඇතුළුව ඔවුන්ට උපකාරයක් වූ ක්‍රීඩාංගණ සේවකයින්ගේ සිට සෑම සියලු දෙනෙක්මත් ආදරෙන් සුබ පැතූ මේ රටේ පුරවැසියනුත් ශක්තියක් වූ බව අමතක කරන්නට නොහැකිය.


අවසාන වරට කිමට ඇත්තේ ලංකාවේ ක්‍රීඩා සංස්කෘතියක හිස්කම තියාගෙන රටේ ක්‍රීඩාව ගැන හැඟීමක් ඇති පුරවැසියන් පමණක් නොව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව කේෂ්ත්‍රය තුළවත් පිරුණු මිනිසුන් නිර්මාණය නොවන බවය.එසේ නිර්මාණය වී තිබුණේනම් පළයං මචං ඔලිම්පික් කියා දියගම තේරීමට සහයට දුවන්න එන අය ධාවන පථයේ හිඟ නැතුව සිටිනු ඇත.


මෙයට හොඳම උදාහරණය වන්නේ විනාඩි 1:59.30 සීමාවට අඩුවෙන් ධාවනෙයේ යෙදී ඇති ජැමෙයිකානු මීටර් 800 සූරිය “නටෝයා ගෝල්” සෘජුව සුදුසුකම් ලබා තිබියදී ත් ජූනි 30 දා ම පැවත් වූ එරට ජාතික මලල ක්‍රීඩා සූරතාවයේදී මීටර් 800 ට සහභාගි වීමය.ඇයට යළි සුදුසුකම් ලබන්නට දෙයක් නැත.එහෙත් ඇය දුවන්නේ තවත් ජැමෙයිකානු ක්‍රීඩිකාවකට ඔලිම්පික් සුදුසුකම් ලැබීමට අවශ්‍යය වේගය සැපයීම ද අරමුණු කර ගෙනය.එහෙත් “කෙලී ඈන් බ්ලැක්ෆොර්ඩ්” ට සෘජු සුදුසුකම් හිමි නොවිණි.එසේ වූවානම් තරුශිගේ සහභාගීත්වය ගැන මෙසේ ලියන්නට ද ඉඩක් නොලැබෙනු ඇත.

කවුරුත් දකින්නට පෙර කරන්නට පෙර ආසියාව දිනූ සැනින් ඒ සියල්ලම දිරි ගන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් දුන් සහය සවිය ශක්තිය නැවතත් මේ ආකරයෙන් සිහි කරන්නේ රටේ එකම ක්‍රීඩාවේ එකට හමුවන ක්‍රිඩකයා වෙනුවෙන් උපකාර කරන්නට නොනැමෙන හිත් තිබියදී, ක්‍රිකට්වල වෙන දේ නොදැන ක්‍රිකට්වලට බනින දහස් ගණනක් සිටියදී තමන්ගේ ක්‍රීඩාව නොවන ක්‍රිඩාවකට සිත් නැමූ ක්‍රිකට්වලට අපේ ස්තූතිය පුද කරන්නටය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan