(PHOTOS):වාරණ නියෝග මැද කිරි ගොවියෝ උද්ඝෝෂණයේ!

කොළඹ LNW:සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරි ගොවීන් සුරැකීමේ මධ්‍යස්ථානය හා වෘත්තිය සමිති විසින් අද (03) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විරෝධතා පාගමනක් ද සහිතව සංවිධානය කර තිබුණු එම විරෝධතාවට එරෙහිව පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් වාරණ නියෝග දෙකක් ලබාගෙන තිබුණු අතර ඒ අනුව විරෝධතාව ආරම්භ කිරීමට නියමිතව තිබුණු මරදාන ටෙක්නිකල් හන්දිය වෙනුවට කොටුව දුම්රියපොළ ඉදිරිපිට එය පැවැත්වීමටයි සංවිධායකයින් කටයුතු කළේ.

පාගමන් යාමට නොහැකි බවට පොලීසිය විසින් නිවේදනය කළ අතර කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වුණි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලු වෘත්තිය සමිති සාමාජිකයින්ට ටෙක්නිකල් හන්දිය, ඩීන්ස් පාර ඉබ්බන්වල හන්දිය, ගාමිණිහෝල් හන්දිය ඇතුලු ප්‍රදේශවලට ඇතුලු වීම වළක්වාලමිනුයි අධිකරණ නියෝග ලබාගෙන තිබුණේ.

දේශීය කිරි කර්මාන්තය විදේශීය සමාගම්වලට විකිණීමේ ආණ්ඩුවේ සැලසුම් හකුළා ගන්නා ලෙස බලකරමිනුයි මෙම විරෝධය පැවැත්වුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/674/Court%20order%20on%20Namal%20Karunaratne%20and%20others%20over%20planned%20protest