*
Saturday, July 6, 2024
spot_img

Latest Posts

‘රනිල් විතරක් නෙවෙයි එයාගේ කුමන්ත්‍රණත් එකට තියල පරද්දන්නේ’ – රනිල්ගේ පෙත්සමට අනුරගෙන් අභියෝගාත්මක ප්‍රතිචාරයක්!

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පරාජිත ගෝල බාලයින් විසින් ක්‍රියාත්මක කරවීමට උත්සහ කරන කුමන්ත්‍රණ පරාජය කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

අනුර දිසානායක මහතා මේ බව කියා සිටියේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරුපනයක් ලැබෙන තුරු එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව ඊට එරෙහිව අතුරු පාර්ශවයක් ලෙස නීතිමය මැදිහත්වීම සිදුකිරීමට අපේක්ෂා කරන බවයි දිසානායක මහතා කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහගේ මෙම කැත පන්නයේ කුමන්ත්‍රණ මඟින් ජනතාවට මුහුණ නොදී පල යාමට ඉඩ නොතබන අතර කුමන්ත්‍රණත් රනිල් වික්‍රමසිංහත් එකට තබා පරාජය කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බවයි අනුර දිසානායක මහතා තවදුරටත් පැවසුවේ.

”මේකට පදනම වෙන්නේ වර්තමාන ජනාධිපති ධූර කාලය අවුරුදු හයකට වලංගු වෙන බවත් අවුරුදු පහෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට හැකියාවක් නැති බවත් තමයි තර්කය වෙලා තියෙන්නේ. නමුත් ඉතා පැහැදිලිව මීට පෙර 2019 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ ධූර කාලය අවුරුදු පහද හයද කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කළා. ඒ වෙලාවේදී විවිධ පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන මතයට තමන්ගේ පාර්ශවයෙන් අදහස් ඉදිරිපත් කළා. ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිපති වර්තමාන අග්‍ර විනිශ්චයකාරතුමා එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කරුණු දැක්වුවා වර්තමාන ජනාධිපතිවරයා තෝරා පතක්රගෙන තිබෙන්නේ අවුරුදු හයකට වුණත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඔහුගේ ධූර කාලය අවුරුදු 05ක් බවට පත්කරන එක ගැන. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට අවුරුදු හය වලංගු බවත් අවුරුදු 05 බලපැවැත්වෙන්නේ ඉන් අනතුරුව බලයට පත්වෙන ජනාධිපතිවරුන්ට බවටත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ස්ථාවරය මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා සිටියා. ඒ අනුව 2019 ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දුන්නා මෛත්‍රීපාල තෝරා ගන්නා විට අවුරුදු හයකට තෝරා ගත්තත් 19 වැනි සංශෝධනය අනුව ඔහුට පැවරෙන්නේ අවුරුදු පහක ධුර කාලයක් කියල ඉතා පැහැදිලි නිගමනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තියෙනවා. එවැනි අර්ථ නිරූපණයක් ලබා දී තිබියදී මේ අවුරුදු දෙකහමාරක කෙටි ජනාධිපති කොටයක් ඇදන් අපු රනිල් වික්‍රමසිංහ තව අවුරුද්ද්දක ධූර කාලයක ලබා ගැනීම සඳහා හැකියාවක් තියේවි යැයි විශ්වාස කරන්නේ නැහැ.”

ඒ අනුව එදා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරිය මහතාට ඒ ගැන මතයක් තිබෙන අතර අද ඔහු අගවිනිසුරු ලෙස මේ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇති බවයි දිසානාය මහතා කියාසිටියේ.

කෙසේවෙතත් මේ ආණ්ඩුව උත්සහ කරන්නේ ජනාධිපතිවරණය ගැන ව්‍යාකූල තත්ත්වයක් සමාජය තුළ ඇති කිරීමට වන බවත් මෙවැනි නොසන්සුන්තාවලට යටත් නොවන ලෙසද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan