ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ඉන්දුනීසියානු බාලි දූපත අසල දී ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවද,23 දෙනෙකු අනතුරින් දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (02)දින නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇති අතර ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු නෞකාව පෙරළි ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම මගී ප්‍රවාහන නෞකාවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර, එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළු වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

මේ වන විට අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!