අපි අරගලයේ දෙවැනි රැල්ල පටන් ගත්තා. පොලිසියයි හමුදාවයි තරහා කරගන්න එපා – අනුර (VIDEO)

Date:

වත්මන් ආණ්ඩුව පළවා හැරීම සඳහා වන ජනතා අරගලයේ දෙවැනි රැල්ල තමන් ආරම්භ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ අර්බුදයෙන් ගොඩ එන්න මොකක්ද කරන්න ඕනෙ ? ජනතාව විශ්වාස කරන විශ්වාසනීය පාලනයක්, ලෝකෙ රටවල් විශ්වාස කරන්න ඕනෙ, විදෙස්ගත ලාංකිකයින් විශ්වාස කරන්න ඕනෙ, ඒ ඔක්කොම විශ්වාස කරන පාලනයක් අද අපේ රටේ හදන්න ඕනෙ. මේකෙන් මුදවා ගන්න නම් අපි පාලන බලය අතට ගත යුතුමයි, මතක තබාගන්න. දැන් අපි දෙවැනි රැල්ල පටන් ගත්තේ. දෙවැනි රැල්ල පළවෙනි රැල්ලටත් වඩා මහා ජන සුනාමියක් ලෙසට වර්ධනය කරන බවට අපට සහතිකයක් තිබෙනවා. මෙවැනි ව්‍යසනයන්හිදී පොලිසිය හමුදාව හැමදාමත් හිටගන්නේ ජනතාවගේ පැත්තේ. ඒ නිසා මොනවද කරන්න ඕනේ ? ඒ පොලිසිය හමුදාවට අපි ආරාධනා කරන්න ඕනෙ, කිසිකෙනෙක් තරහා කරගන්න එපා, භේද භින්න කරගන්න එපා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (02) අම්බන්ගොඩදී පැවති විරෝධතා රැලියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...