අලි අනතුරකට මුහුණ දුන් ජැක්සන් කොළඹ ජාතික රෝහලට

Date:

වනඅලි අනතුරකට මුහුණ දී අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ජැක්සන් ඇන්තනි මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර ඇති බව වාර්තා වේ. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ රාත්‍රී 10 ට පමණ ජැක්සන් ඇන්තනි මහතා ගමන් කරමින් සිටි කැබ් රථය අනුරාධපුර තලාව මාර්ගයේදී වනඅලි ප්‍රහාරයකට ලක් වූ අතර වනඅලියා කැබ් රථය මතට ඇදවැටී තිබෙනවා.

මෙම අනතුරින් ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු තිදෙනෙකු තුවාල ලැබූ අතර අනෙක් දෙදෙනා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔවුන්ගෙන් එක් අයෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් කැබ් රථයටද බරපතල හානි සිදුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...