ඇමති කංචනගේ කටට යළි පණ එයි. ඉන්ධන නැව් එන දින ගැන කියයි!

Date:

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් රැගත් නැව් දෙකක් ජූලි 8 හෝ 9 වන දා සහ 11,14 යන දිනවල මෙරටට පැමිණීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (03) පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ අතර තවත් ඩීසල් නෞකාවක් ජූලි මාසයේ 15-17 යන දිනවල පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම කංචන විජේසේකර මහතා සඳහන් කළේ, මෙට්‍රික් ටොන් 35,000ක් දැවිතෙල් රැගත් නෞකාවක් ජූලි 10 හෝ 11 වන දා මෙරටට පැමිණීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේ මෙට්‍රික් ටොන් 135,000ක බොරතෙල් රැගත් නෞකාවක් ජූලි 15 වන දා මෙරටට ළඟා වීමට නියමිත බවයි.බවයි.

තවත් බොරතෙල් රැගත් නැවක් අගෝස්තු 12 වන දා මෙරටට ලබා දෙන බව ට අදාළ සමාගම් සනාථ කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජූලි 22-23 අතර දිනයන්හි ලංකා IOC සමාගම හරහා පෙට්‍රල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඒ සඳහා ඇ.ඩො.මි. 19.95ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!