සතුන්ගෙන් වගාවන්ට වන හානි පිළිබඳ පැමිණිලි වල වැඩි වීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය වෙත මෙම වසරේ පළමු කාර්තුව තුළ දී වනසතුන් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇති බව එම පර්‍යේෂණ ආයතනය පවසයි .

එම ආයතනය පෙන්වා දෙන්නේ, 2023 වසරේ දෙවැනි කාර්තුව තුළ ද වගා හානි වාර්තා වෙමින් පවතින බවත් මෙම කාර්තුව අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන බවයි.

2023  වසරේ වනසතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද  එම ආයතනයට දැනුම් දී තිබෙන බව තොරතුරු වාර්තා වේ.

වගා හානි සිදු කරන සතුන් අතර වල්ඌරා, මොණරා, දඩුලේනා, ඉත්තෑවා හා වඳුරන් යන සතුන් ඇතුලත් වන අතර , මෙම වගා හානි අතරින් වැඩිම වගා හානියක් සිදු කර තිබෙන්නේ රිළවුන්ගෙන් බව පෙනී ගොස් ඇත.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කර ඇත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ , විශේෂයෙන් පොල් ත්‍රිකෝණය තුළ පසුගිය වසරට පමණක් පොල් ගෙඩි මිලියන 200ක් රිළවුන් විනාශ කර දමා ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...