*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

සැප්තැම්බර් වන විට ගොඩ ඒමක් නෙවෙයි ආර්ථික අර්බුදය තවත් ආගාධයට යනවා – මහාචාර්ය සුමනසිරි ලියනගේ

කොළඹ LNW:සැප්තැම්බර් වන විට රට යථාතත්ත්වයට පත්වෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවද එම කාලය වන විට පවතින ආර්ථික අර්බුදය තවත් අගාධයට යන බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා අවධාරණය කරයි.

සැප්තැම්බර් වන විට අතිවිශාල මුදල් ප්‍රමාණය රටට නොලැබුණ හොත් ආර්ථිකය තවදුරටත් කඩා වැටිය හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

භාණ්ඩාගාර බිල්පත් වෙතින්, බැඳුම්කර වෙතට මාරුවීමෙන් සිදුවන්නේ ණය අඩුවීම නොව ණය ගෙවීම කල්දැමීමක් බවද හෙතෙම කියාසිටියි.

ආණ්ඩුවට දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාව කැබිනෙට්ටුවට එන්න දවසකට හෝ දෙකකට කලින් විශාල ප්‍රමාණයකින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළද ඒවා විකුණුනේ නැති බවත් මේ වෙලාවේ කිසිවෙක් හෝ බිල්පත් මිලදී නොගන්නා බවයි ලියනගේ මහතා ප්‍රකාශ කරන්නේ.

”තව ඉතිහාසය බැලුවාම මේ කාලය තුළ නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අතිවිශාලයි. ඒ කියන්නේ අලුතින් ණය ගන්නවා. ඒ කියන්නේ මෙසේ කටයුතු කිරීමෙන් රටේ ණය මෙහෙම අඩු වේවි,ආදායමට සාපේක්ෂව ණය අඩුවෙයි කියන ඉලක්කයන්, ප්‍රක්ෂේපනයන් සාර්ථක වෙන්නේ නෑ. රටේ නිෂ්පාදන තවදුරටත් කඩාවැටීමකට ගමන් කරනවා. අපි වෘත්තිය සමිති විදයට බලනවා සාමාජිකයන්ට ක්ෂණිකව බලපාන ආකාරය ගැන. හැබැයි අපි බලන්න ඕනෑ මේ ක්‍රියාමාර්ගය හ්තු කොටගෙන ඉදිරි කාලයේදී සේවා නියුක්තියේ තත්ත්වයට හා මිනිසුන්ගේ ජීවිත කෙරෙහි කෙසේ බලපාවිද කියන ප්‍රශ්නය. එහෙම ගත්තාම අපට පේනවා, ඇත්තටම ආර්ථික අර්බුදය වඩාත්ම උත්සන්න වෙලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ.

හැබැයි බැලූ බැල්මට ආර්ථිකයේ දැකපු දේවල් අඩු වෙලා. පෝළිම් නෑ. ගෑස් තියෙනවා. හැබැයි අනෙක් පැත්තෙන්, පෝළිම් නෑ පෙට්‍රල් ගහන්න. හැබැයි බෙහෙත් නෑ ඉස්පිරිතාලවල. ඇත්තටම ආර්ථිකයේ අර්බුදය දැඩි ලෙස දැනෙන් පටන් අරන් තියෙන්නේ ලර්න් ඒෂියා කියන සංවිධානය කරපු සමීක්ෂණයකින් පේවනවා මේ රටේ විශාල පිරිසක් තුන්වේල කන්නේ නෑ. ආර්ථික අර්බුදය බරපතල ලෙස උත්සන්න වූ තත්වයක් මේ.”

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගන්නේ රට විසින් නොවන අතර ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට යටවී වී තිබෙන බවයි මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා තවදුරටත් පවසන්නේ.

”මේ රටේ ආර්ථිකය පිළිබඳ තීරණ ගන්නේ මේ රට නෙවෙයි. අද ආර්ථිකය පිළිබඳ සමස්ත තීරණ ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරකුත් නෙවෙයි. මේ ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ගලාගෙන එන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගනු ලැබූ පිරිස්වලින්. ණය ගැනීමේ ක්‍රියාවලිය IMF,ලෝ ක බැංකුව විතරක් නෙවෙයි. අද ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය යටතට ලංකාවේ ආර්ථකිය ගැන තීන්දු ගැනීමේ බලය පත්වෙලා තියෙනවා. මේ කාරණය සාකච්ඡාවට ගෙනල්ලා, ජනතාවගේ ජීවන තත්ත්වයට මේක බලපාන්නේ කොහොමද කියන කාරණය ඉතාම වැදගත් වෙනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan