*
Monday, May 20, 2024
spot_img

Latest Posts

EPF එකටම සම්පූර්ණ බර යොදන්න එපා.ධනවතුන්ටත් බර බෙදන්න – හර්ෂ

කොළඹ LNW:දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සාමාන්‍ය වැඩ කරන ජනතාවට පමණක් නොව ධනවතුන්ට,බැංකු හිමිකරුවන්ට ද බලපාන පරිදි සිදුකළ යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එසේ නොකර සම්පූර්ණ බර සේවක අර්ථ සාධක අරමුදල මත පැටවීම හේතුවෙන් ඊට විපක්ෂයක් ලෙස විරුද්ධ වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්ථ සාධක අරමුදල මත ක්‍රියාත්මක වුවහොත් එහි ප්‍රතිලාභ ලබන සාමාන්‍ය වැඩකරන ජනතාවට එමඟින් ලැබෙන සහය කප්ප්දුවන බව හෙතෙම පෙන්වාදෙයි.

සාමාන්‍ය වැඩකරන ජනතාවගේ සෑදෑ සාමය ගත කිරීමට තිබෙන මෙම අරමුදලට වෙන්න යන දේ තමන් දිගින් දිගටම පෙන්වා දුන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

“උදාහරණයක් විදියට 2022 අවුරුද්දේ මේ අරමුදලේ මූර්ථ ප්‍රතිලාභය, තමන්ගේ ඉතුරුම්වලට ලැබෙන ඇත්ත ප්‍රතිලාභය -47යි. උදාහරණයක් විදියට අපි හිතුවානම් දුවව කසාද බන්ඳලා දෙන්න 100කට කතා කරන්න මඟුල් ගෙදරට මේ අර්ථසාධක අරමුදලේ යම් මුදලක් වියදම් කරන්න බලාපොරොත්තු වුණා නම් දැන් 100කට නෙමෙයි 50කට තමා කතා කරන්න පූළුවන්. ඒක තමා ඇත්ත. ඒ අරමුදලටම තමා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ බරත් දාලා තියෙන්නේ. එතැන තමා මේ සාධාරණත්වය ගැන ප්‍රශ්නය පැනනැඟුණේ. මේක සමස්තයක් විදියට සියලුදෙනා අතරේ බෙදී යනවා නම් යම් ආකාරයට මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. මේක වැඩකරන ජනතාවට විතරක් නෙමෙයි මහා ලොකු ධනවතුන්ට, බැංකු අයිතිකරුවන්ට මේකේ බර යම් ආකාරයට බෙදී යනවා කියලා. අපි විපක්ෂය විදියට තදින්ම විරුද්ධ වුණේ මේකේ සම්පූර්ණ බර අර්ථසාධක අරමුදලට සහ ETF එකට පැටවීම නිසයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan