*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

සොෆීටම පහරදී සොෆීටම හේත්තු වුණ චමරි ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් ගෙන දෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පළමු ජය ලැබීමෙන් නොනැවතී අද පළමු තරගාවලි ජය ද වාර්තා කරන්නට සමත් විය.ඒ 2-1 ලෙස ය.ජයග්‍රහණය ලැබූ තරග දෙකේම ශතක ලබා ගනිමින් නවසීලන්ත පන්දු යවන්නියන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ නායිකා චමරි අතපත්තු මේ තරගාවලි ජයග්‍රහණයේ වැඩි ප්‍රතිශතයකට හිමිකම් කියන්නියය.
චමරි පන්දු 80 න් ලකුණු 140 ක් රැස් කරමින් දෙවන ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙද්දී එක් ඉණිමක ජාත්‍යන්තර තරගයකදී එක් ක්‍රීඩිකාවක් විසින් එල්ල කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවද චමරි සම කළාය.ඒ සම කිරීම වෙනුවෙන් ඇය එල්ල කළ නවවන හයේ පහර එල්ල කරන්නේ මීට පෙර එම වාර්තාව තනියම උරුම කරගෙන සිටි නවසීලන්ත නායිකා සොෆි ඩිවයින්ටම වීම ද අපූරුය.
කාසියේ වාසිය ලැබීමෙන් පසු නවසීලන්ත නායිකා සොෆි ඩිවයින් තීරණය කළේ තම කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දිය යුතු බවය.ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි හිටපු නායිකා සුසී බේට්ස් සහ බර්නඩීන් බෙෂීව්ඩෙන්අවුට් අතරින් පළමුව දැවී ගියේ බර්නඩීන් ය.ඇය දුවද්දී දවා ගැනීමට කවීශා දිල්හාරි ගේ පන්දු රැකීම හේතු විය.අනතුරුව දෙව තරගයේදී නවසීලන්ත ජයග්‍රහණයට දායක වෙමින් ශතකයක් ලැබූ කමේලියා කෝර් සූසී සමඟ එක් වුවත්,ඇමේලියා ලකුණු 19 ක් ලබා සිටියදී ඕෂධි රණෂිංහ ඇයව ගොදුරු කර ගත්තාය.


ඉන් අනතුරුව වර්ෂාව හේතුවෙන් පන්දු ඕවර් 31 නිමාවේ තරගය නවත්වන විට නවසීල්නත් ලකුණු පූවරුව තවත් කඩුලු බිද වැටෙන්නට නොදී ලකුණු 127 දක්වා ඉහළිට ගෙන එන්නට සුසී සහ නායිකා සොෆි සමත් විය.සුසී නොදැවී ලකුණු 63 ක් රැස් කර ගත්තාය.මෙහදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ලකුණු ලබා ගැනීමට එරෙහිව සාධනීය උත්සාහයක් ගත් අතර මේ තරගාවලියේ වැඩාත්ම අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ ශ්‍රී ලංකා මද වේග පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනී සිය වමත් වේගයෙන් ප්‍රතිවාදී පිතිකරුවන් පාලනය කළ අපූරුවය.37 හැවිරිදි ඇය අත්දැකීම්වලින් උකහාගත් දේ තුළ ඉකුත් ලෝක කුසලාන තරගාවවලියේදී ද හොඳින් පන්දු යවමින් සිටින අතර මේ තරගයේදී දඇය පන්දු 7 ක් නිමා කළේ ලකුණු 18 ක් පමණක් ලබා දෙමින්ය.ඒ නිසා සෙසු පන්දු යවන්නියන් ද දෙවන තරගයට වඩා ඉලක්කකාරීව පන්දු යොමු කළ බැවින් පන්දු ඕවර් 31 ගෙවෙන තැන නවසීලන්ත ලකුණු පූවරුව .තිබුණේ ලකුණු 127 රැදී වීම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂතාවය ය.


නමුත් පළමු තරගයේදී තරගයට පෙර වැටුණු වර්ෂාව නිසා තරගය පන්දු ඕවර් ගණන අඩු කර පැවත් වූ අතර ඒ අනුව එදා ශ්‍රී ලංකාවට හිමි වූයේ නවසීලන්තය මුහුණ දෙන පන්දු ඕවර් ගණනට සමාන පන්දු ඕවර් ගණනකදී නවසීලන්තය ලබා ගත් ලකුණු ප්‍රමාණය අභිබවා යාමටය.නමුත් අතර මැදදී වර්ෂාවෙන් පැමිණි බාධාව නිසා මේ තරගයේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 196 ක් දක්වා ඉහළට එසැවිණ.ඒ පන්දු ඕවර් 29 ක් තුළදී ය.


චමරි අතපත්තු සමඟ විශ්මි ගුණරත්න ඉණිම ඇරඹුවත්,විශ්මි ලකුණු නොලබාම පිටියෙන් ඉවත්විය.ආසන්නම ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතර සිටින්නී වූ හර්ෂිතා මාධවී ද මේ තරගාවලිය තුළ ලකුණු නැති බව යළිත් තහවුරු කරමින් ලකුණු 3 ට දැවි යද්දී මුළු ලකුණු ගණන 6 ක් විය.එතැන් සිට චමරිට එකතු වූ නිලක්ෂි ද සිල්වා ලකුණු අතරට එමින් චමර්ට හොඳ සහයක් ලබා දෙමින් ජයග්‍රහණය තෙක්ම නොදැවී සිට පන්දු පන්දු 68 දී ලකුණු 48 ක් එකතු කර ගත්තේ හතරේ පහර 5 ක් ද එල්ල කරමින්ය.
දවස චමරිගේ වූ විට ඕනෑම කණ්ඩායමකට අත්වන ඉරණම නවසීලන්තයට උරුම විය.ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 127 ක් ලැබූ කණ්ඩායමක් පරාජය කරන්නට ලකුණු 196 ක් ලබා ගන්නට වූ විට ඇතිවන හැඟීම ප්‍රසන්න නැත.

දැනෙන හැඟීමට අනුව එහි යම් වැරද්දක්,අසාධාරණයක්,අයුක්ති සහගත බවත් තිබෙන බව දිතීම අසාමාන්‍ය හැඟීමක් නොවේය.නමුත් දවස චමරිගේ වූ බැවින් පසුව සිතෙන්නට ගන්නේ තවත් ලකුණු 10 ක් විතර තිබුණේනම් හොඳ බවය.එසේනම් නිලක්ෂා අර්ධ ශථකයට පිවිසෙනවා නිසැකය.එසේම සොෆී ඩිවයින් තරගයකදී වැඩිම හයේ පහර ගණනක් එල්ල කර තිබූ වාඑර්තාව ඇයගේ පන්දුවටම හයේ පහරක් එල්ල කළ සම කළ චමරි එතැනින් නොනැවතී තවත් හයේ පහරකින් වාර්තාව සොෆීට අහිමි කරන බවත් නිසැකය.


චමරිගේ අපූරු ඉණිම සහ ජයග්‍රහණය රැදුණ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/icc-women-s-championship-2022-23-2025-1308225/sri-lanka-women-vs-new-zealand-women-3rd-odi-1379759/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan