*
Sunday, July 7, 2024
spot_img

Latest Posts

හඳා නැන්දා දිවියට සමු දෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ (LNW):

“1963 වසර වෙද්දී වෙළෙඳ සේවයට ළමා වැඩසටහනක් තිබුණෙ නෑ. මේක අඩුවක් වගේ දැනුණා ඒ කාලෙ වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂ විදිහට වැඩ කරපු ලිවී ආර්. විජේමාන්න මහත්මයාට. එතුමා මට යෝජනා කළා ළමා වැඩසටහනක් කරන්න, ‘ළමා පිටිය’ට වඩා වෙනස් විදිහට කියලා. ඒ අනුව මම යෝජනා කළා මේක සඟරාමය ස්වරූපයෙන් කරන්න ඕන කියලා. මේ වැඩසටහනට නිෂ්පාදකයා හැටියට වෙළෙඳ සේවයේ එවකට හිටිය ජ්‍යෙෂ්ඨතම වැඩසටහන් සම්පාදක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහත්මයාට මං ස්තුතිවන්ත වෙනවා, එතුමා තමයි අපි නම් කීපයක් යෝජනා කරනකොට “සුමනා නරක ද හඳමාමා කියල දැම්මොත්” කියලා. ඒක ඉතා ම හොඳ දෙයක්. මොක ද දරුවන්ගේ ඉතා ම ආදරණීය සංකේතයක් හඳමාමා. ඒ නිසා මමත් කැමති වෙලා ඒක හොඳයි කියලා ඒක පටන් ගත්තා,” ලෝකයේ වැඩි ම කාලයක් අඛණ්ඩව විකාශය කළ ගුවන් විදුලි වැඩසටහන ලෙස ඇතැමුන් හදුන්වන හඳමාමා ගුවන් විදුලි වැඩසටහනේ ආරම්භය ගැන එහි ආරම්භ නිවේදිකා සුමනා ජයතිලක ආවර්ජණය කර තිබුණේ, එහි 50 වන සංවත්සරය නිමිත්තෙන් වෙළෙඳ සේවයේ විකාශය කෙරුණු වැඩසටහනකදී ය.

ඇය මේ වන විට අප අතර නැත.

පවුලේ සාමාජිකයින් පවසන පරිදි හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සුමනා ජයතිලක නම් වූ දශක 6කට අධික කාලයක් ගුවන් විදුලි කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ හඬ පෞරුෂය සදහට ම නිහඬ වී ගියේ ය.

“අම්මා අන්තිම කාලෙ වෙනකල් ම ගොඩක් ශක්තිමත්ව හිටියා. අවසන් කාලෙත් වැඩ කළා. හදිසියේ අසනීප වෙලා සතියක විතර කාලයකින් තමයි මේක සිද්ධ වුණේ. අම්මා ගොඩක් හිත ශක්තිමත්, ආදරණීය ගැහැණියක්,” බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් සුමනා ජයතිලකගේ දියණියක පැවසුවා ය.

1963 වසරේදී ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට බැඳුණු ඇය 1984 වසරේදී විශ්‍රාම යන විට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් දරමින් සිටියා ය.

1937 අප්‍රේල් 23 වන දා උපත ලැබූ සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 87ක පසු වූවා ය.

ඇය නිවේදිකාවක ලෙස අධ්‍යාපනයක් මෙන් ම පරිචයක් ලබා තිබුණේ, මේ වන විට ක්‍රියාත්මක නොවන එවකට මියුසියස් ට්‍රේනිං කොලේජ් නමින් ක්‍රියාත්මක වූ පුහුණු පාසලකිනි.

‘හඳමාමා’ වැඩසටහන

මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ පරිදි ආරම්භ කරන ලද හඳමාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූයේ, සුමනා ජයතිලක ය. ආරියසේන මිල්ලවිතානාච්චි සමග එක්ව ඇය මෙම වැඩසටහන මුලින් ම ඉදිරිපත් කළා ය.

මෙම වැඩසටහන හේතුවෙන්, සුමනා ජයතිලක වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ, ‘හඳනැන්දා’ යනුවෙනි.

1963 දෙසැම්බර් මස 14 වන දින ආරම්භ වූ මෙම වැඩසටහන වසර 60කට අධික කාලයක් තිස්සේ සතිපතා අඛණ්ඩව වැඩසටහන් 3000කට අධික සංඛ්‍යාවක් විකාශය වී තිබේ.

ලොව ගණඳුරු දුරු කරන්න

ගුණ නුවණට මග පෙනෙන්න

පුංචි අයට දැනුම දෙන්න

හඳමාමට සවන් දෙන්න…

නමැති මෙම වැඩසටහනේ තේමා ගීතය එවකට ජනප්‍රිය ම ගායකයා වූ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ලවා ගායනා කරවාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ නිවේදක චන්දන තිලකරත්න පැවසීය.

ශ්‍රී ලංකාවට අහිමි වූ ගිනස් වාර්තාව

ලෝකයේ වැඩි ම කාලයක් අඛණ්ඩව විකාශය වූ ගුවන් විදුලි වැඩසටහන ලෙස හඳමාමා වැඩසටහන ගිනස් වාර්තා අතරට යෝජනා කෙරිණි.

එහෙත්, එම වැඩසටහනේ ආරම්භක දිනය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ගුවන් විදුලි සංස්ථාව සතුව නොතිබූ හෙයින් ගිනස් වාර්තාවක් ලෙස එය පිළිනොගත් බව චන්දන තිලකරත්න පැවසීය.

“ගුවන් විදුලි සංස්ථාවට වුවමනාවක් තිබුණා නම් ඒක තහවුරු කරන්න තිබුණා. මොක ද, ඒ වැඩසටහන මුල සිට අහපු ශ්‍රාවකයෝ තවමත් ඉන්නවා. ඉතින් යම් ක්‍රමවේදයක් හරහා ඒක තහවුරු කරන්න තිබුණා. ඒත් ඉතින් ඒක සිද්ධ වුණේ නෑ. ඒ නිසා අපට ලැබෙන්න තිබුණ අගනා අගැයීමක් අපට අහිමි වුණා,” චන්දන තිලකරත්න ප්‍රකාශ කළේ ය.

‘හඳමාමා තියෙන වෙලාවට අපි සෙල්ලම් නවත්වලා වට වුණා රේඩියෝව වටේට’

හඳමාමා යනු ප්‍රචාරක දැන්වීම් ඔස්සේ ළමුන්ට බලහත්කාරයෙන් ඇසීමට සැලැස්වූ වැඩසටහනක් නොවන බව චන්දන තිලකරත්න පෙන්වා දුන්නේ, තමන්ගේ ළමා කාලයේ ද අත්දැකීම් ආවර්ජණය කරමිනි.

“අපට කවුරුත් බල කළෙත් නෑ. ප්‍රචාරක දැන්වීම් තිබුණෙත් නෑ. ඒත් අපි හඳමාමා යන වෙලාවට සියලු සෙල්ලම් නතර කරලා රේඩියෝ එක ළගට දුවගෙන එනවා. ඒ තරම් ආසයි අපි ඒ වැඩසටහනට. විශේෂයෙන් ම, සුමනා ජයතිලක මහත්මිය ඒ වැඩසටහන මෙහෙයවපු ආකාරයට තමයි අපි ගොඩක් ආසා කළේ.”

එලෙස හඳමාමා වැඩසටහනට සවන් දුන් චන්දන තිලකරත්න පසුකලෙක ඇයත් සමග එකට වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් ද අන්තර්ගත කරමින් ‘හඳ නැන්දා’ නමින් පොතක් පළ කළේ ය.

එහි ඇගේ පෞරුෂය පිළිබදව ඔහු මෙසේ සදහන් කර ඇත.

‘ජයතිලක මහත්මිය සතුව ඇති නොපසුබස්නා සටන්කාමීත්වය, වෘත්තීය නිපුනත්වය, මිත්‍රශීලී ආමන්ත්‍රණය, අරමුණ කෙරෙහි කැපවීම වැනි කරුණු රැසක මෙම අඩසියවසක් ඉක්මවන ගමන් මගේ ප්‍රධාන ජය කණු ය.’

එලෙස හඳමාමා වැඩසටහනට සවන් දුන් චන්දන තිලකරත්න පසුකලෙක ඇයත් සමග එකට වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් ද අන්තර්ගත කරමින් 'හඳ නැන්දා' නමින් පොතක් පළ කළේ ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, එලෙස හඳමාමා වැඩසටහනට සවන් දුන් චන්දන තිලකරත්න පසුකලෙක ඇයත් සමග එකට වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් ද අන්තර්ගත කරමින් ‘හඳ නැන්දා’ නමින් පොතක් පළ කළේ ය.

‘දැන්වීම් තියෙනවා නම් විතර ද ළමා වැඩසටහන් කරන්නේ?’

සුමනා ජයතිලක යනු වෘත්තීයභාවයෙන් යුතු සාධාරණය වෙනුවෙන් පෙනී සිටි අයෝමය කාන්තාවක බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අදහසයි.

ඊට සාක්ෂි සපයන සිදුවීමක් ඇය මෑතකදී රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකදී පවසා තිබිණි.

“ගුවන් විදුලියට ආව සභාපතිවරු කිහිප දෙනෙක් ම කිව්වා, දැන් හඳමාමා නතර කරමු දැන්වීම් ලැබෙන්නෙත් නැති හින්දා කියලා. ඒ අයගෙන් මම ඇහුවා දැන්වීම් තියෙනවා නම් විතර ද ළමයින්ට වැඩසටහන් කරන්නේ කියලා.”

‘අවසන් සති කිහිපයේත් ගුවන් විදුලියට ඇවිත් වැඩ කළා’

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ද දීර්ඝ කාලයක් සුමනා ජයතිලක සමග එක්ව කටයුතු කළ ගුවන් විදුලි ශිල්පියෙකි.

“සතියකට විතර කලිනුත් මට හම්බ වුණා ගුවන් විදුලි සංස්ථාවේදි. ඇය මට එදා කිව්වා, වැඩසටහන කරන්න ආවත්, ඇයගේ හඬ ටිකක් වෙනස් වෙලා වගේ නිසා ඇය වැඩසටහන නොකර අලුත් නිවේදිකාවක් දැම්මා කියලා. ඇය අවසන් කාලයේත් වෘත්තීයභාවය ආරක්ෂා කළේ ඒ විදිහට. පසුකාලීන නිවේදකයින් විදිහට අපි ඇයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. නිවේදනය විතරක් නෙවෙයි වෘත්තීයභාවය ගැනත් අපි ඉගෙන ගත්තා,” ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ පැවසීය.

කේ. ජයතිලකගෙන් ලත් ආභාසය

 K. Jayathilaka and Sumana Jayathilaka.
ඡායාරූප ශීර්ෂ වැකිය, සුමනා පුණ්‍යවතී කුරේ නමින් සිටි ඇය සුමනා ජයතිලක බවට පත්වූයේ, 1953 මැයි 24 වන දා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ කෘතහස්ත ලේඛකයෙකු වූ කේ. ජයතිලක සමග විවාහ වීමෙන් පසුව ය.

සුමනා පුණ්‍යවතී කුරේ නමින් සිටි ඇය සුමනා ජයතිලක බවට පත්වූයේ, 1953 මැයි 24 වන දා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ කෘතහස්ත ලේඛකයෙකු වූ කේ. ජයතිලක සමග විවාහ වීමෙන් පසුව ය.

ඔහුගේ සෙවණේදී ඇයට වැඩි වශයෙන් පොතපත ඇසුරු කිරීමටත්, දැනුම ලබා ගැනීමටත් අවස්ථාව හිමි වූ බව ඇය මාධ්‍ය වෙත පවසා තිබේ.

ඔවුන් දෙදෙනාට දාව දරුවන් සිව් දෙනෙක් මෙලොව එළිය දුටුවෝ ය.

සුමනා ජයතිලකගේ වියෝව සම්බන්ධයෙන් ඇය ඇසුරු කළ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් සහ අත්දැකීම් බෙදාගෙන තිබිණි.

අවසන් කටයුතු

සුමනා ජයතිලකගේ දේහය බ්‍රහස්පතින්දා (ජූලි 04) සිට මහජන ගෞරවය වෙනුවෙන් බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන බව පවුලේ සාමාජිකයෝ පවසති.

ඉන්පසු සෙනසුරාදා (ජූලි 06) දිනයේදී බොරැල්ල සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ය.

මූලාශ්‍රය - BBC

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan