*
Sunday, July 7, 2024
spot_img

Latest Posts

ජනාධිපතිගේ කැමැත්ත ජනාධිපතිවරණය තැබීම නම් වටේ අයයි මේ මැඩවිල්ල කරන්නේ – පාඨලී

කොළඹ LNW:ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණය මගින් දී තිබෙන තීන්දුව මේ මොහොතේ වෙනසක් සිදුනොවනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේවෙතත් අද දවස වන විට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබෙන නිවේදනය දෙස බලන විට දේශපාලන මැඩවිල්ලක් සිදුව ඇති බවක් පෙනෙන්නට ඇති බවයි රණවක මහතා ප්‍රකාශ කළේ.

”2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කාළේ මේ ප්‍රශ්නය මේ විදිහටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇහුවා. සිරිසේන මහත්තයට 2015 ජනවාරි 9 වෙනිදා හය අවුරුද්දකටයි ජනවරම ලැබුණේ. හය අවුරුද්දක් යනවා කියලා තමයි එයාට ඡන්දේ දුන්නේ. හැබැයි ගෝඨා රාජපක්ෂට 2019 ඡන්දේ දුන්නේ පස් අවුරුද්දක් යනවා කියලා හිතාගෙන. ලොකු වෙනසක් තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේනට හය අවුරුද්දකට ජනවරම දුන්නට පස්සේ එතුමට ඒක එතුමා මැදිහත් වෙලා පහ කර ගත්තට උසාවියෙන් කිව්වා ඒක පහම තමයි කියලා. හැබැයි දැන් පහට දීපු කෙනාට හය කරන්න බෑ ආයේ. මොකද පහ කියලා දැනගෙනම තමයි ඡන්දේ දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නෑ උසාවියෙන් මේකට ඉඩකඩක් ලැබෙයි කියලා.

අද ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශයෙන් කියලා තියෙනවා. මේ ජනාධිපතිතුමාගේ කැමැත්ත නෙමෙයි මේක කියලා. 2024 ජනාධිපතිවරණය තැබීම තමයි එතුමාගේ කැමැත්ත කියලා. එහෙනම් ඉතින් වටේ ඉන්න අය මේ එක එක අවස්ථා වලදී දේශපාලන මැඩවිල්ලක් කරන්නේ. මේ දේශපාලන තත්ත්වය තව තවත් අවුල් සහගත කිරීමක් කරන්න. ඒකෙන් වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයටම තමයි ඒකෙන් වදින්නේ.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan