ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය නැවතත් ඊශ්‍රයලයට පහර දේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිනකට පෙර දකුණු ලෙබනනයේ දී හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු වන මුහම්මද් නිමා නසාර් ඝාතනයට පළිගැනීමක් වශයෙන් නැවත වරක් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයලයට රොකට් 100කට අධික ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙය මෙම වසරේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රයලයට එල්ල කළ දෙවන ප්‍රධාන ප්‍රහාරයයි.

හිස්බුල්ලා සංවිධානය පවසන්නේ, ඔක්තෝබර් 7දා දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ පලස්තීන හමාස් සන්නද්ධ කණ්ඩායම සමඟ සහයෝගයෙන් ඊශ්‍රායලයට පහර දෙන බවයි. කෙසේ නමුත් මියගොස් සිටින ‘හජ් අබු නිමා” හෙවත් නසාර්, යනු ඊශ්‍රායලය ගාසා තීරයට එරෙහිව සිය යුද්ධය දියත් කිරීමෙන් පසු ඊශ්‍රායල් ලෙබනන් දේශසීම අතර සටන්වලින් මියගිය තුන්වැනි ඉහළ පෙළේ නිලධාරිකි.

ඊශ්‍රයල

ලෙබනන් ප්‍රහාරයෙන් අනතුරුව උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ ගණනාවක ලැව්ගිනි ඇතිව ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදාව ප්‍රති ප්‍රහාර දියත් කර ඇති අතර දේශසීමා ගැටුම් හේතුවෙන් මේ වන විට ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 496 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඊට සාපේක්ෂව ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ අවම වශයෙන් සිය සොල්දාදුවන් 15 දෙනෙකු සහ සිවිල් වැසියන් 11 දෙනෙකු මියගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...