වගකීමෙන් කියන්නේ රට ගොඩගන්න පුළුවන් අපේක්ෂකයා අපි ගේනවා.තාම පිච් එක හදනවා – නාමල්

Date:

කොළඹ LNW:ආර්ථික අර්බුදයෙන් එළියට ගැනීම පමණක් නෙවෙයි රටේ ආර්ථිකයට සාධනීය විසඳුමක් දිය හැකි අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ වෙලාවට. අපි පිච් එක හදාගෙන යනවා. ඒ නිසා අපි සූදානම්. මැතිවරණ කොමිසම දින නියම කරයි. වෙලාවට කලාවට මේ රට ජයග්‍රහණය කරවන්න පුළුවන්,ආර්ථික අර්බුදයෙන් එළියට එනවා විතරක් නෙවෙයි මේ රටේ ආර්ථිකයට සාධනීය විසඳුමක් ලබාදෙන්න පුළුවන් වගේම මේ රටේ තරුණයාගේ සිතුම් පැතුම්වලට උත්තර දෙන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි ගේනවා.”

මේ අතර පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බවට වගකීමෙන් පැවසිය හැකිද යන්න මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ රට ගොඩගත හැකි ආර්ථිකය ගොඩගත හැකි අපේක්ෂකයා ඉදිරිපත් කරන බවට වගකීමෙන් පවසන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටම එකට: තවත් 740ක් පොලිස් දැලට!

කොළඹ LNW:දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ...

SLASSCOM AI ආසියානු සමුළුව 2025: විශිෂ්ට ගමනක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : කෘත්‍රිම බුද්ධිය තවදුරටත්...

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානය...

INFOTEL 2025 BMICH හිදී විවෘත වේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා තොරතුරු...