පිඹුරන් යට ඇඳුම්වල සඟවා ගෙන බැංකොක් ගිය ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට !

Date:

සටහන – පුලී

ජූලි 04, කොළඹ (LNW): බැංකොක් සුවර්ණභූමි ගුවන් තොටුපළේදී වනජීවීන් රටින් පිටතට ගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ෂීහාන් ලෙස හඳුනාගත් ශ්‍රී ලාංකික සැකකරුවෙකු TG308 තායි එයාර්වේස් ගුවන් යානයෙන් බැංකොක් වෙත අලුයම 12.06 ට පමණ පැමිණ ඇති අතර ඔහුගේ යට ඇඳුම්වල සඟවා ගෙන සිටි තිත් පිඹුරන් තිදෙනෙකු සොයා ගත් බවට සඳහන්.

පසුබිම් පරීක්ෂණවලින් පෙනී ගියේ ෂීහාන් ට වෘකයන්, මීර්කට්, තිත් පිඹුරන්, ඉගුවානා, ගෙම්බන්, සැලමැන්ඩර්, කැස්බෑවන් ඇතුළු විවිධ වනජීවී විශේෂ ප්‍රවාහනය කිරීමේ වාර්තාවක් ද ඇති බවයි.

ඔහු මීට පෙර 2024 දී කොළඹදී වනජීවී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් බදාදා ෂීහාන් සවස 6 ට පමණ තම නවාතැනෙන් කුලී රථයකින් පිටත් වී සවස 7 ට පමණ සුවර්ණභූමි ගුවන්තොටුපළට පැමිණියේය. ඔහු තායි එයාර්වේස් කවුන්ටරයට ඇතුළු වී ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමෙන් අනතුරුව, නිලධාරීන් ඔහුව එක්ස් කිරණ උපකරණ භාවිතයෙන් වැඩිදුර පරීක්ෂාව සඳහා යොමු කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...