ජනතාව උද්ඝෝෂණ කළත් වැඩවර්ජන කළත් මොනවා කළත් අපි අපේ ප්‍රතිපත්තිමය තීරණ වෙනස් කරන්නෙ නෑ – ඇමති ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල අඩු හෝ වැඩිකිරීම සිදුකරන්නේ ඒ ඒ අවස්ථාවේදී අදාළ ක්‍රමවේදයට අනුව බවත් ජනතාව උද්ඝෝෂණ හෝ වැඩවර්ජන කළත් ජාතික ජන බලවේගයේ රජය ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වෙනස් නොකරන බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“විපක්ෂ නායකතුමා මොනවා කිව්වත් අපි රජය ගන්න ප්‍රතිපත්තිමය තීරණ වෙනස් කරන්නෙ නෑ. යම් මොහොතවල්වල ක්‍රමවේදය අනුව වැඩිකළ යුතු නම් වැඩිකරනවා. යම් මොහොතවල්වල ක්‍රමවේදය අනුව අඩුවිය යුතු නම් අඩුකරනවා. එහෙම නැතිව විපක්ෂ නායකතුමා කිව්වා කියලා හෝ ජනතාව උද්ඝෝෂණය කළා හෝ වැඩවර්ජනය කළා හෝ කුමන හෝ ආකාරයක ක්‍රියාවලියක් තුළ ජාතික වශයෙන් අරගත යුතු ප්‍රතිපත්තිමය තීරණ අපි කිසිසේත්ම නොගෙන ඉන්නෙ නෑ. එහෙම නැතිවුණොත් මේ රට නැවතත් කඩාවැටීමකට පත්වෙනවා. අපි සතුටු වෙන්න ඕනෙ ජනතාව මොනවා වුණත්, පහුගිය කාලෙ රට කඩාවැටුණා, දැන් යම් මට්ටමකට රට ගාණකට යනවා. පොඩි පොඩි එහෙමෙහෙවීම් වුණාට පොදුවේ ජන ජීවිතය කඩාවැටීමකට ලක්නොවී යම් තුලනාත්මකව කළමනාකරණයක් එන්න යනවා. ඇත්තටම වර්තමානයේ දේශපාලන නායකයින්ගේ වගකීම තමයි මේක කළමනාකරණය කරන එක. කළමනාකරණය නොකර අතනින් කියන එක, මෙතනින් කියන එක, අරක මේක කරන්න ගියොත් මේ මුළු පද්ධතිය නැවත කඩාගෙන වැටෙනවා. ඒ නිසා විපක්ෂ නායකතුමාට ඇති තරම් කියව කියවා ඉන්න පුළුවන්”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (ජුලි 03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...