ලංකාවට තවත් අවස්ථාවක්

0
177

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW:

මේ වන විට ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වි තිබුණත් ලංකාවේ නෙට්බෝල් යෞවනිනයන්ට සිය දක්ෂතා පෙන්වන්නට තවත් අවස්ථාවක් සැප්තැම්බරයේදී උදාවනු ඇත.ඒ සැප්තැම්බර් 20 දා ගිබ්රල්ටාර් හී යුරෝපීය ක්‍රීඩා සංකිරණයේදි ඇරඹෙන යොවුන් ලෝක නෙට්බෝල් තරගාවලියට ය.


දැන් ක්‍රීඩා අමාත්‍යංශය නෙට්බොල් භාරකරු අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙමාල් ප්‍රනාන්දු යටතේ වැඩේ නයමෙට කර ඇති බවට ආසියානු පරාජය ලැබීම පිටත්ව යාමට පෙර පුංචි සද්දයක්ද ඇමතිවරයා දැම්මේය.ඒ එතුමාට මවා හදා පෙන්නන චිත්‍රයය.හැබැයි එය පෙන්නා දුන්න විට ඇමතිවරයා කරන්නේ ඔහු ඒ තුළින්ම සමත් වෙනකම් එම වරද පෙන්වා දුන් අය සමඟ ගණුදෙනු නැවත්විය යුතු බව තීරණය කිරීමය.විවේචනය හෝ වැරදි බව කීම රුස්සන්නේ නැත.


දැන් එසේ නොරිස්සූ ගොඩක් දේවල් ඇනි ඇත.දැනී ඇතත් නොදැණුනා සේ සිටීම ද කරන්නේය.නෙට්බෝල් කෙරුවාව එසේ නොකර සැප්තැම්බර්වලට පෙර නිලවරණය පවත්වා පොළවේ නෙට්බෝල් කරන පිරිසකට මෙය භාරදීම වැදගත්ය.කණ්ඩායම සහ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ ඉදරි කාලය තුළ සුගතදාසය පුහුණුවීම්වලට ලබා දිම මෙන්ම හැකි පුහුණු තරග දේශිය සහ විදේශිය වශයෙන් ලබා දීම ද සිඳු කළ යුතුය.


නිලවරණය පවත්වා ඔවුන්ට සුදුසු වැඩ කිරීමට පහසු කළමණාකාරීත්වයක් පත් කර අමාත්‍යංශය සමඟ වැඩ කිරීමට ඉඩ ලබා දීම වැදගත්ය.සමහර විට මේ අවස්ථාව උදා වෙනවාට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉඩ ලැබේදැයි හෝ අමාත්‍යවරයාට දිරි දේ දැයි සිතිය නොහැකිය.ඒ මේ වන විටත් ඒ හරහා බ්‍රිතාන්‍ය යටතේ තවමත් පවතින,එහෙත් සොඳුරු රටක් වන ගිබ්රල්ටාර් යාමට සූදානම් පිරිස් ද මේ ආයතන ඇතුළේ සිටින්නට ඉඩ ඇත.


වැරදීම ඉගෙන ගන්නට කාරණයක් මිස විවේචනය නොසළකා සිටින්නට කාරණයක් නොවන බව ද ඉගෙන ගැනීමට හැකිනම් අඩුම ගණනේ මේ මාස කිහිපය ඇතුළත ක්ෂණික විසඳුම් ගණනාවකට මේ කණ්ඩායම සමඟ යා හැකිය.ශ්‍රී ලංකාව සිටින කාණ්ඩය පහසු නැත.ජැමෙයිකා,ටොංගා වැනි අප්‍රිකානු කණ්ඩායම් සමඟ එංගලන්තය සහ වේල්සය සිටින්නේ ද ශ්‍රී ලංකාව නියේජනය වන කාණ්ඩයේය.


ඉතිං ඇමතිවරයාට මේ කණ්ඩායමම සුබවාදීව වෙනස් ප්‍රතිපල කරා ගෙන යා හැකිය.ශ්‍රේණිගත කිරිමේ තරගවලදි හෝ ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලැබෙන හෝ මේ ආසියානු තරගාවලියට වඩා හොඳ තත්ත්වයක් ඇති කර ගැනීමට නෙට්බෝල් ක්‍රීඩා කරන පිරිසට මෙහි පරිපාලනය පැවරිම වැදගත්ය.දැනට අදෘශ්‍යමානව මේ ක්‍රීඩාව හසුරුවන්නේ විසුරුවන්නට හේතු වූ වරද කළ පිරිස්ය.ඊට විවිධ අදහස් සහ උවමනා ඇතිව සම්බන්ධ වූ අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ පිරිස් ද සිටිය හැකිය.


නෙට්බෝල්වලට වෙන්නේ මොනවාද තරග කරන්නේ කෙසේද,ප්‍රතිපල මොනවාද කියා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයවත් නොදන්නා,ඒ පරිපාලනවලට අදාළ සමාජජාලා අක්‍රීය වූ පමණක් නොව ආසියානු නෙට්බෝල් වෙබ් අඩවිය එහි ෆෙස්බුක් ගිණුමද අකර්හණය වී තිබෙන මොහොතක බොහෝ දේ තේරුම් ගන්නට අමාත්‍යවරයාට විමසංනාක්ෂිය හේතු සපයනවා ඇත.හැබැයි අමාත්‍යවරයා වැරදි පෙන්වා දීම විෂක් හෝ වසක් ලෙස නොව සිය ගමන රස කරන්නට ලැබෙන විතක් සේ ගත ගත යුතුය.
පහතින් ලෝක යොවුන් නෙට්බෝල් තරගාවලිය සම්බන්ධ තරග කාල සටහන සහ ඒ ඒ කණ්ඩායම් අයත්වන කාණ්ඩ දක්වා ඇත.
https://nwyc2025.gi/schedule/