ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

Date:

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා..

දිවයින පුරා බොහෝ රෝහල්වල ආපනශාලා සහ රෝහල් පරිශ්‍රයන් තුළ දියවැඩියාව අධි රුධිර පීඩනය , රුධිරගත කොලෙස්ටරොල් මට්ටම , ලවණ ප්‍රමාණය ඉහළ නංවන දියර සහ ආහාර වර්ග වැඩි වැඩියෙන් අලෙවි කරන බවත් බෝනොනු රෝග වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය වැඩසටහන් සිදුකරන ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක මෙම ඛේදනීය තත්ත්වය දැකිය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

2022/2023 කාලසීමාවේදී පළමුව ප්‍රකාශයට පත් වූ ආහාරවල සීනි ප්‍රමාණය ලුණු ප්‍රමාණය අයඩින් ප්‍රමාණය හා ආහාර ප්‍රවර්ධනය සීමා කරන 2443/6, 7, ,8, 9, ගැසට් නිවේදන සියල්ලම මේ දක්වා බලාත්මක වීම ලබන වසර දක්වා සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය කණගාටුදායක බවද ඔහු සඳහන් කළේය.

අවස්ථා තුනකට වැඩි ගණනකදී මෙම ගැසට් නිවේදන බලා‍ත්මක කිරීම, විවිධ හේතූන් මත සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාද කළ බවත්, විවිධ සමාගම් වල අවශ්‍යතාවයන් මත මෙය අතීතයේදී ප්‍රමාද වූ නමුත් නව රජය යටතේ මෙම ගැසට් පත්‍ර ප්‍රමාදය බරපතළ ගැටළුවක් බවද ඔහු සඳහන් කරයි.

ආහාර වල මෙදය ප්‍රමාණය සීනි ලුණු ප්‍රමාණය සීමා කිරීම බෝ නොවන රෝග වළක්වා ගැනීමට හේතුවන අතර බොහෝ වෙළඳ ප්‍රචාරක කටයුතුවලදී සමාජයට වැරදි අවබෝධයක් ලබා දෙන බැවින් ඒවා පාලනය කිරීමද ආහාර සෞඛ්‍ය වැදගත් අංගයක් වන නිසා මෙම ගැසට් පත්‍ර නැවත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යුතු බවද ඔහු සඳහන් කරයි.

එසේම රජයේ රෝහල් පරිශ්‍රයන් තුළ පවතින ආපනශාලාවල ආහාරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නියාමන ක්‍රමයක් අනුගමනය කළ යුතු බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...