තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

0
583

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW:

ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි විය යුතු නැති බව ස්වාධීනත්වයේ අර්ථය ලෙස තව දුරටත් ගත හැකිද?ඇත්තටම ලෝකයේ ඉහළම ස්වභාවික සම්පත සහිත සහ කාටවත් අත නොපා කෘෂිකර්මයෙන් ජීවත්විය හැකි රටක් හැටියට මේ රට පිළිබඳව වරින් වර මතු කරන දේශපාලන සිහිනය ඇත්තක් ද?


දැණුම සහ ධනය මත පදනම්ව ඉදරියෙන් සිටින රටවල් සිය මානව සමාජය කළමණාකරණය කරන ආකාරය මත සහ දැණුමේ විහිදීම පළල් කරන ආකාරය අනුව නූතණ දියුණු රටවල් සිය අභිප්‍රායන් වෙත ළඟා වෙමින් සිටින බව ඇත්තය.ඊට පිටුපා ලංකාව වැනි රටකට ගමන් කිරීම සහ එහි පැවත්ම කවරේද යන්න ප්‍රායෝගිකව තේරුම්ගත යුතු ගැටළුවකි.


මෙවැනි තත්ත්වයක බලවත් රටවල්වල ගොඳුරක් නොවී ඒ ආයෝජනවලට පහසුකම් දෙන පොළවක් හැටියට වැඩ කිරීම සහ ඒ රටවල්වලින් තමන්ගේ පෝෂණයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න සළකා බැලීම ශ්‍රී ලංකාව වැනි රටකට වැදගත්ය.මේ අදහස මීට පෙර ද මතු කර ඇත.ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ පළමු ඔලිමිපික් තරග බිම බවට ඉන්දියාව පත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති මොහොතක,ඒ අතේ එල්ලී සමීපතම මිත්‍රයා ලෙස කටයුතු කරන්නට ඉඩ සකසා ගැනීම වැදගත්ය.2036 දක්වා එම වැඩේට ඉන්දීය ඔලිම්පික් කමිටුව පැත්තෙන් මෙන්ම ඉන්දිය දේශපාලන නායකත්වය හරහා ද උපකාර ලබා ගැනීමට හැකිය.ඌෂා ලංකාවට කැමති සහ බැදීමක් ඇති අයෙකි.ඇය වත්මන් ඔලිම්පික් කමිටු සභාපතිණිය වන්නීය.මේ සඳහා සාකච්ඡා කිරීමට ඌෂාගේ සමය දක්වා වන පිරිසක් සහයෝගීතා කමිටුවක් ලෙස පත් කර ගැනීම වැදගත්ය.ඉන්දියාව අවධානය අඩුවෙන්ම යොමු කරන ක්‍රීඩාවක පිරිසකට තමන්ට විය හැකි වැරදි වසා ගන්නට බලය ඉල්ලූ වූ විට දී මේ ගමන යන්නට අපහසුය.දැනට ලංකාවේ තත්ත්වය එසේය.


නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නට අනුව තහනම් උත්තේජන ක්‍රියාවලිය තදින් සහ ශක්තිමත්ව ක්‍රියාත්මක කළ යුතුය.මේ මොහොත ඊට අවශ්‍යය රසායනාගාර පහසුකම් ඉන්දියාව හරහා මෙරට ස්ථාපිත කර ගැනීමට ලැබෙන හොඳ අවස්ථාවක්ය.උතුරේ ක්‍රිකට් ගැන මෙන්ම දොරේ අප්පා ක්‍රීඩාංගණයේ මීටර් 400 කෘතිම ධාවන පථයක් ගැන ද අපට ඉල්ලීමක් කරන්නට හැකියාව ඇත.
ඉන්දියාව නොබෝදා මෙම උත්සාහයේ අනගිභවනීය පියවරක් පෙර ට තැබු‍වේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවත් සමඟ ලෝසාන් හි දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවලින් පසුවය. ඔලිම්පික් සහ පැරාලිම්පික් ගිම්හාන ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා වන ව්‍යාපාරය ඉනික්බිති වඩා තිව්ර කිරීමෙන් පෙනී යන්නේ එම සාකච්ඡවන් හී සුබදායකත්වයය.


මේ සාකච්ඡාවලට ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය ඔලිම්පික් සංගමයේ සභාපති පී.ටී. උෂා සහ ගුජරාට් ක්‍රීඩා අමාත්‍ය හර්ෂ සංගවිගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගි වී ඇත.මේ ගමණ පිළිවෙලකට විශ්වාසය තහවුරු වන ආකාරයට ඔවුන් මෙම යෝජිත ස්ථානයටම 2030 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ද කැඳවන්නට තීරණය කර ඇත.ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ක්‍රීඩා උළෙලවල් දෙකක් වෙනුවෙන් ලංසු තබන්නට ඔවුන්ට ඇති හැකියාව මෙන්ම විශාවසය ද සුළු කොට තැකිය නොහැකිය.ඒ වෙනුවෙන් දරන්නට වන සෘජු වියදම් මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් වෙනුවෙන් ද ඉන්දියාව විසින් වෙන් කරන ලද යම් ධනයක් තිබෙන බව පැහැදිිළිය.එය විවෘත, නිශ්චිත පුද්ගලයෙකු නොමැති ධනයකි.වටිනාකමකි.ඊට වවාත් සමීප සහ සුදුසු පුද්ගලයා ශ්‍රී ලංකාවට විය නොහැකිද?හැකියාව ඇත්තේ වැඩවල මිස කයිවාරුවල නොවන බව කිව යුතුය.
ක්‍රීඩාව පැත්තෙන් විවෘතව ඇති මේ දොර අන් දේශපාලනික ස රාජ්‍ය තාන්ත්‍රික උවමනාවන් වෙනුවෙන් විවිර වි ඇති සහ විවර කර ගන්නට ඇති ද්වාරයන්වලට නොදැනෙන තරමේ විශේෂ එකක් පමණක් බව අප නැවත නැවතත් අවධාරනය කරමු.මෙරට ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව මෙම උළෙල දෙක අළලා විශ්වාසය පළ කරන සුබ පැතුම් එක් කරන ප්‍රසිද්ධ නිවේදනයක් සමාජ ජාලා වෙබ් අඩවි වලට වෙන් කරන බැනරයක් වුව,මේ දොර විවර කර වටිනාකම්වල හිමිකම් දරන්නට පින් අංකයක් ලෙස ගත හැකිය.