පටන්ගත්තේ රාජපක්ෂලා හොරු කියල.දැන් රාජ්‍ය නිලධාරීනුත් හොරු වෙලා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව රාජපක්ෂලාගෙන් පටන් ගෙන මේ වන විට රාජ්‍ය නිලධාරීන් ද හොරුන් බවට පරිවර්තනය කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

වැඩ බැරිකම වසාගැනීම වෙනුවෙන් ආණ්ඩුව දැන් කින් සිටින්නේ නිලධාරින් මත වරද පැටවීම බවයි රාජපක්ෂ මහතා කියාසිරියේ.

”එකපැත්තකින් පටන් ගත්තේ රාජපක්ෂලා හොරු කියල. ඊටපස්සේ 225ම හොරු කියල කිව්වා. දැන් සමස්ත රාජ්‍ය නිලධාරින්ම හොරු බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් වෛද්‍යවරුත් හොරු බවට පත්කරලා. අද වෛද්‍යවරයෙක්ට බෙහෙතක් නිර්දේශ කිරීමට තරම් නොහැකි තැනට මානසිකත්වයක් මේ රටේ හදල තියෙනවා. ඊළඟට ආණ්ඩුව නීතිඥවරු මර්දනය කරන්න පටන් ගනී. නීතිඥවරුන්ගෙන් ඊළඟට සිවිල් සමාජය මර්දනය කරන්න පටන් ගනී. අන්තිමට තමන්ට ජන්දය දුන්න පුරවැසියා මර්දනය කරන තැනට මේ ආණ්ඩුව එනවා. ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට තමන්ගේ නොහැකියාව වහගන්න ඕන වෙනවා. අද වෙනකොට පොහොර සම්බන්ධයෙන් විශාල ගැටළුවක් මතුවෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ජීවන වියදම සම්බන්ධයෙන් ප්‍රශ්නය, හාල් පිටින් ගෙනල්ලා, ලුණු පිටින් ගෙනල්ලා කන්න දෙන තත්ත්වයකට පත්වෙලා. දිනපතා රැකියා අහිමි වෙනවා. ආණ්ඩුවේ න්‍යාය මොකක්ද තමන්ගේ වැරදි නිලධාරීන්ගේ ඇඟට පටවනවා. නිලධාරීන් තමයි අන්තිමට වැරදි කරලා තියෙන්නේ.”

බහලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව වුවද දැන් තමන්ට හිතවත් නිලධාරීන් ආරක්ෂා කර තමන්ට විරුද්ධ දේශපාලන මතයක සිටින නිලධාරීන් මත වරද පැටවීමට උත්සහ ගන්නේදැයි යන්න පිළිබඳ විපක්ෂයක් ලෙස බලා හිඳින බවයි රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළේ.

රාජපක්ෂ මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...