හෙල්ලේ අලුත් පරිච්ඡේදය හෙට ඉන්දියාවේදි එල්ලය ගනියි.

0
87

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW:

හෙල්ල වීසි කිරීම ලෝකයෙ වෙනස් වෙලා.ගොඩක් වෙලාවට මේ ඉසව්වෙ දක්ෂයො හිටියෙ යුරෝපයේ.හම සුදු අය.ආසියාවෙ ගත්තත් ජපලානය,චීකය වගෙ රටවලින් තමයි දක්ෂයො ආවෙ.දකුණු ආසියාව ගත්තම හෙල්ලත් එක්ක නැගිටින ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවක් දකින්න ලැබුණා.කොහොම හරි ලෝක මලල ක්‍රීඩා සංගමයත් මේ ගැන කිව්වම අධ්‍යයනය කරලා ලංකාව පුරා හෙල්ල වීසි කිරීමේ දක්ෂයන් සොයන්න වැඩ පිළිවෙලකුත් හැඳුණා.එතකොට මලල ක්‍රීඩා සංගමයෙ සභාපති හිටියෙ සුගත් තිලකරත්න.ඔහු සමඟ මේකට විශාල මහන්සියක් දරමින් වත්මන් ලේකම් සමන් කුමාර ගුණවර්ධනත් වැඩ කරා.ඒත් සුගත් ගියත් සමන් හිටියත් ඒ වැඩේ හරියට ක්‍රියාත්මක වුණේ නැහැ.


මේ අතර ඉන්දියාවේ නිරාජ් චොප්රා ඔලිම්පික් රන් පදක්කම වගේම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ රන් පදක්කමත් ගත්තම ලෝකෙ ඇස් එක පාරට ඉන්දියාව දෙසට හැරුණා.එතනම පකිස්තානයේ අර්ශාඩ් නදීම් ද හිටියා.ඊට පස්සෙ ඔලිම්පික් උළෙලේ නදීම් එක වෙලා චොප්රා දෙක වුණා.මේ අතර පැරා ක්‍රීඩාවේ හෙල්ලෙන් දිනේස් ප්‍රියන්ත ලංකාවට රන් පදක්කමක් ගෙනාවා.


මේ වෙන කොට ලෝකය හෙල්ලෙ විශිෂ්ඨයො දකින්න දකුණු ආසියාව දෙසට හැරිලා.ලංකාවෙත් දෙන්නෙක් ඉන්නවා මීටර් 85 ට වඩා දුර වීසි කරන්න සමත්.එතනින් ජාතික සූරයා වන්නේ සුමේධ රණසිංහ.ඊට වඩා වයසින් අඩු තව බොහෝ කාලයක් ක්‍රීඩා පිටියේ ඉන්න පුළුවන් වයසේ ඉන්න රුමේෂ් තරංගත් මේ 85 ගොඩේ ඉන්න එක ලංකාවට බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඉදිරි කාලයක් තියෙන බව දැනෙනවා.


මේ රුමේෂ් තරංගට සුමේධට වෙච්චි දේවල් වෙන්න ඕනි නැහැ.සුමේධගෙ මුල හයිය කරන්න ඔනි වැඩ ටික,විශේෂඥ පුහුණුව ලැබුණනම් අපිට පේන්නේ දැන් පෙන්වට වඩා ගොඩක් ඉස්සරහ ඉන්න සුමේධ කෙනෙක්.ඒ වගෙස චොප්රා ලෝකයේ අංක එකට ගේන්න වැය කරපු මුදල මේ ආණ්ඩුවට කියා දෙන්න අවශ්‍යය නැහැ.ඔහු පළමු දකුණු ආසියානු පළමු රන් පදක්කම දිනා ගන්නෙ වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇස් ඉස්සරහා.ඒ 2016 දී ගුවහතිවලදි.සුමේධ තමයි හොඳම කෙනා හැටියට හිටියෙ.සුමේධගේ උපන් දිනය යෙදිලා තිබුණෙත් එදා.ඒත් සුමේධට උපන් දිනය සමරන්න රන් පදක්කම නොදුන්න ලාබාල චොප්රා රන් පදක්කම ඉන්දියාවට අර ගත්තා.
මේ ඉතිහාස කතාවෙ චොප්රාගෙ වයසෙ ඔහු නොදාපු දුරක් දාන කෙනෙක් හැටියට අද රුමේෂ් ඉන්නවා.හෙට චොප්රා එක්ක රුමේෂ් ඉන්දියාවෙ බැංගලෝරයේ තියෙන ශ්‍රී කන්තීරවා ක්‍රීඩාංගණයේදි තරග වඳිනවා.ඔවුන් දෙදෙනා පමණක්නොවේ,කෙන්යාව,ඇමෙරිකාව,චෙකොස්ලොවේකියාව,ජර්මණිය සහ පෝලන්තය නියෝජනය කරන ක්‍රීඩකයන්ද මේ තරගයට සහභාගි වෙනවා.අවාසනාවට අඳුරු දේශපාලන ගැටුම් නොතිබුණානම් පකිස්තානයේ නදීම් ද හෙට බැංගලෝරාය් දකින්න ලැබෙනවා.


චොප්රා සමඟ ඉන්දියාවේ 80 කඩ ඉම පන්නපු පහක් මේ තරගයේ දකින්න ලැබෙනවා.චොප්රා රන් පදක්කමකට වඩා වටින්නෙ මේ පෙළඹවීම ඔහු ඇති කළ නිසයි.ශ්‍රී ලංකාවෙත් හිටපු නව මානයකට වීසි කිරීමේ දුර පියවරෙන් පියවර අරගෙන ගිය රොත්තම මෙතනදි මතක් කරන්න වෙනවා.ඒත් එක නමක් හරි ලිස්සලා ගියොත් කියන අවුල නිසා එසේ නොකර ඉන්න එක වැදගත්.ඒත් දැන මේ 85 ට එහා දාන දෙන්න ගැන කතා කරද්දි චොප්රාට වැඩිය විශේෂත්වයක් තියෙනවා.ඒ තමයි චොප්රාට වගේ විදේශ විශේෂ පුහුණුකරුවන් ඔවුන්ට නැහැ.මේ රටේම ක්‍රීඩාව කරමින් ඉගෙන ගෙන පුහුණුකරුවො වුණු අය තමයි මේ ක්‍රීඩකයින් දෙන්නම පුහුණු කරන්නෙ.ඒ නිසා ක්‍රීඩා බලධාරීන්ට හිතන්න අලුත් මානයන් හෙල්ලෙන් හදලා තියෙනවා.හරියට එල්ල කළොත් එහි වගකීම් සහගත පුහුණුකරුවන්ගෙ ඉදලා ක්‍රීඩකයින් වෙනකං මේ අයව රැක බලා ගැනීමේ වගකීම හිතට දැනෙයි.


මේ සමඟ තියෙන්නෙ හෙට බැංගලෝරයට එකතු වෙන හේලේ ලෝකය ජය ගැනීමට සටන් කරන අයගෙ හොඳම හැකියාවන්,රට සහ නම්.අපි රුමේෂ්ට සුබ පතනවා.