හිටපු පොලිස්පති පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ ඇත.

ඒ , පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට පෙනී සිටීම සඳහායි.

ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් අද (04)  විභාගයට ගැනීමට නියමිතයි .

අදාළ චෝදනාව සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෑතකදී නියෝග කර තිබුණු  නමුත් , එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනය ඉදිරිපත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...