*
Monday, July 8, 2024
spot_img

Latest Posts

පැරිස් ඔලිම්පික් ශ්‍රී ලංකා නියෝජනයේ ඇත්ත තැන සිට ඉදිරියට……

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 05, (LNW) කොළඹ :
පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන්නේ පස්දෙනෙක් පමණි.මේ සහභාගීත්වය මීට වඩා වැඩි වෙන්න නියමිතව තිබුනු බව අපේ විශ්වාසය ය.විශේෂයෙන්ම බහමාස් ලෝක සහය දිවීමේ සූරතාවලියට මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම යැවීමට හැකි වූයේ නම් ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබන්නට තිබිණ.නමුත් වීසා ගැටළුව නිසා එය පමා විය.

තරුශි,විරේන්,උමයංග සහ නෙත්මි


අවසන් මොහොතේ යාමට අවස්ථාව ලැබුණ ද,ඒ මොහොතේ ගොස් තරග කිරීම දුෂ්කර වුව ද උත්සාහ කිරීමේ අවස්ථාව හෝ කාලිංග කුමාරගේ තත්ත්වය වටහා ගැනීමට නොහැකි වූ අසනීප තත්ත්වයක් නිසා මඟ හැරිණි.ඒ තත්ත්වය සිතූ තරම් බරපතල නොවුණි.ඔහු පසු දින සිට ඊට පසුව එන තනි ජාත්‍යන්තර තරග වෙනුවෙන් පුහුණුව ආරම්භ කළේය.අසනීප තත්ත්වය එතරම් දරුණු නොවන එකක් බව ඔහුට ඊට පෙර හඳුනා ගන්නට හැකි වූයේ නම් බහමාස් යන්නට ද තිබිණ.අවසානයේ කාලිංග ට තනිව යන්නට ද කණ්ඩායම සමඟ යන්නට ද තිබුණු දොරවල් වැසිණි.
කෙසේ නමුත් මෙවර ඔලිම්පික් උළෙලට යන පස් දෙනාගෙන් දෙදෙනෙක්ම තවමත් පාසල් ජිවිතය සම්පූර්ණයෙන් හමාර කර නැත්තෝය.ඒ දෙදෙනාම විශ්වීය අවස්ථාව යටතේ ඊට සුදුසුකම් ලැබුවෝ නොවෙති.ඒ නිසා මේ සහභාගීත්වය හරියට යොදා ගත්තොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතයට අතිශයින් වැදගත්ය.ඒ නිසා විරේන් නෙත්තසිංහ සහ තරුශි කරුණාරත්න යනු මේ ක්‍රීඩා උළෙල නියෝජනය කරන මේ මොහොතට වඩා අනාගතයට වැදගත් ආයෝජනයක් බව වගකිවයුත්තෝ අවබෝධ කර ගැනීම වැදගත්ය.
වැදගත්ම කාරණයක් මේ නියෝජනයන් හමුවේ කතා කළ යුතුය.ඒ මේ නියෝජනය සඳහා අවශ්‍යය සුදුසුකම් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ සම්පූර්ණ ආශිර්වාදය ඇතුව අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු දැරූ වෙහෙසය.සුදුසුකම් ලැබූ මලල ක්‍රීඩකයන් මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ද ඒ අවශ්‍යය ජාත්‍යන්තර තරග සඳහා යොමු කිරීමට මූල්‍යමය වගකීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව භාර ගැනීම මහත් පිටුවහලක් විය.ඒ සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ගේ සිතේ අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙන්නට ඉඩක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ලබා දුන්නේම නැත.එ් මානසික සහනය අතිශයින් වැදගත් විය.
එසේම විශ්වීය අවස්ථාවන් හැටියට ලංකාවට ලැබෙන්නේ මේ සහභාගීත්වයෙන් දෙකක් පමණි.ඒ පිහිණුම් තරග සඳහා ඉදරිපත් වන කයිල් අබේසිංහ සහ ගංගා සෙනවිරත්නගේ සහභාගීත්වයන්ය.ලෝකයේ තිබෙන දියුණු පරිසරයට සාපේක්ෂව ගත් විට පිහිණුම් වැනි ක්‍රීඩාවකින් දැනට ජයග්‍රහණ සඳහා යා හැකි ඉහළම දුර හැටියට පෙනෙන්නට තිබෙන්නේ දකුණු ආසියාවය.බෝලිංලාගෙන්,දීපිකාලාගෙන් පටන් ගත් විට එය අබේසිංහලා රහීම්ලා දක්වාම වරින්වර දකුණු ආසියාවේ ආධිපත්‍යය තහවුරු කර ගැනීම දක්වා ඉහළට එසැවුණ ද,රටක් හැටියට අප ඒවා නිවැරදිව කළමණාකරණය කළේ ද සහ පොහොසත් කළේ ද කියන කාරණය ඉදිරියේ තිබෙන ප්‍රශ්නාර්ථය සුළු නැත.ඒ නිසා කයිල් සහ ගංගා යනු ලෝකයට සාපේක්ෂව විශ්වීය අවස්ථාවක් වුව ලංකාවට සාපේක්ෂව ගත් කළ ලෝකයක් තරම් වටිනාකමක් දැනෙන ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක්ය.
ලංකාවට මේ ඔලිම්පික් උළෙලේ දී සිටින වඩාත්ම අත්දැකීම් සහිත සහ ඉතාමත් තීරණාත්මක අවස්ථාවන්වල ඉතිහාසය වෙනස් කරන බරැති ජයග්‍රහණ ලබා දෙන්නට මැදි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව නදීශා දිල්හානි ලේකම්ගේය.අවුරුදු ගණනක පදක්කම් නියඟය හමාර කළ 2023 දී නදීශා ශ්‍රී ලංකාවට හෙල්ලෙන් දිනා දුන් රදී පදක්කම පසුව රන් සහ ලෝකඩ ද මිශ්‍ර වී ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ කීර්තිය ඉහළින්ම රැඳුණු ක්‍රීඩා උළෙලක් ලෙස නිමාවට පත් විය.ඇයට රට වෙනුවෙන් ඉතා අවම පහසුකම් මැද කරන ලද සේවයට රටෙන් ගෞරවයක් ලබා දෙන්නට ලැබෙන හොඳම අවස්ථාව මෙය බැවින් බොහෝ විට මේ ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය ඇයට හිමිවෙනු ඇතැයි සිතිය හැකිය.
කණ්ඩායම සුළු වුව බරය.තරුශිට සහ විරේන්ට 19 කි.ගංඟාට 21 ක් සහ කයිල්ට 24 කි.නදීශා මහා බරක් දරාගෙන සිය මලල ක්‍රීඩා ගමණේ අවසාන භාගයට සමීප වෙන මොහොතේ දී සිය ඉලක්කය සපුරා ගන්න සමත් වී ඇත.ඇයට 37 කි.ඇය අනාගතය වෙනුවෙන් වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැදීරිය යුතු චරිතයකි.ඉලක්කයෙන් එක මොහොතකට අවධානය ඉවතට නොගෙන සටන් කර ඔලිම්පික් සුදුසුකම් ලැබීම හෙට බලාපොරොත්තු තබාගෙන වැඩ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහත් ආස්වාදයක් වනු ඇත.
මේ ඔලිම්පික් ආස්වාදය මඟ හැරුණු තවත් ක්‍රිඩකයෙක් ලෙස ගත හැකි රුමේෂ් තරංග හැකිය.මේ වසරේ ලෝකයෙන්ම හොඳම වීසි කිරීම් සළකා බලද්දි රුමේෂ් තරංගගේ වීසි කිරීම ඇත්තේ 10 වන තැනය.එහෙත් ඔහුට නිසි පරිදි තරගවලට යොදවන්නට මලල ක්‍රීඩා බලධාරීන් ඔහු දැන සිටියේ නැත.එසේත් නැත්නම් විශ්වාස කළේ නැත.මේ දේවල් පුටු දරා සිටින ඉහළ නිලධාරීන්ගේ පිටින් ගියත් වැඩිම වගකීම ගත යුත්තේ පුහුණුකාරීත්වයේ වගකීම් පවරා ඇති පුද්ගලයන්ය.තමක්ට තනතුරක් ලැබුණු විට කාගේ හෝ පුහුණුකරුවෙක් ළඟ සිටින දක්ෂ ක්‍රීඩකයෙක් තමන්ගේ ගෝලයෙක් කර ගැනීම වෙනුවට ඔවුන් සමස්ත පුහුණුකරුවන් ගැනත්,ඔවුන් යටතේ පුහුණුව ලබන දක්ෂයන් ගැනත් සොයා බැලිය යුතුය.තේරීම් කමිටුවට ද මෙහි සොයා බැලීමේ වගකිමක් ඇත.
මේ මාසයේ ජූනි මාසය වන තෙක් ඔහුට තරගයකට යොමු කිරීම හිමිවන්නේ නැත.ඔහුට ලැබී ඇති ලකුණු සටහන ද මේ සමඟ යොදන්නේ එබැවින්ය.ඉන්දීය ජාතික සූරතාවලිය බී ශ්‍රේණියේ තරගයක් වුව ද විදේශිකයන්ට ප්‍රසාද ලකුණු හිමිවන්නේ නැති බව අප ලියූ සටහනක නිවැරදි කිරීමක් කරන්නට මලල ක්‍රීඩා සංගමයේ නිල වාර්තාකරු සමීර ලක්රුවන් පෙරේරා ඉදිරිපත් වී ඇත.පහත දැක්වෙන්නේ සමීර ලියා ඇති දේ ය.
//විදෙස් රටක ජාතික ශූරතාවයට සහභාගි ජයග්‍රහණ ලබාගත්තත් කිසිදු ස්ථානීය ලකුණක් හිමිනොවේ. දක්ශතා ලකුණ පමණක් හිමිවේ.
ඉන්දියානු තරගයට හෙල්ල විසිකිරිමේ ක්‍රීඩකයන් සහභාගි වූයේ ලකුණු ලබා ගැනීම සදහා නොව දක්ශතා ඉහළ නංවා 85.50 උත්සහයක් ගැනීමටය.//

මේ දැනුවත් කිරීම ගැන අපි ස්තූතිවන්ත වන්නෙමු.සමහර විට අප දන්නා බව සිතන දේ නිවැරදි නොවන තැන් හී ඒවා හිස මුදුණෙන් පිළිගන්නට අපි මැලි නොවෙමු.එහෙත් ඒ සටහනේ අප කියා ඇති පහත දේ ගැන කිසිවක් කියා නැත.
//ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභි තරුශි කරුණාරත්න මීටර් 800 ඉසව්වේ දී ප්‍රසාද ලකුණු මත සුදුසුකම් ලබන අවසන් ක්‍රීඩිකාව ලෙස 45 වන තැනට සුදුසුකම් ලැබුවාය.එම ඉසව්වට සහභාගි වන 48 දෙනාගෙන් ඉතිරි තිදෙනා ගැනෙන්නේ “විශ්වීය අවස්ථා සහනය” යටතේය. තරුශි 45 වන ස්ථානයේ සිටින සහ ඉන් පහත තවමත් තේරීම් කර නොමැති බවට පහතින් තොරතුරු දක්වා ඇත.
තරුශීගේ තේරීම් සම්බන්ධයෙන් ඇයගේ හොඳම කාලය වාර්තා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගැටළු පැන නැඟුණේ මේ තත්ත්වයේ තිබෙන අවිනිශ්චිත තත්ත්වය නිසාය.එයට පිළිතුරු ලෙස මලල ක්‍රීඩා සංගමය තාක්ෂණික නිලධාරීන්ගෙන් සිඳු වූ පොඩි වරදක් ලෙස පිළිගැනීමට නිහතමානි වූ සේම දැන් හෝ තත්ත්වය තේරුම් යන්නේ නම් කළ යුතුව ඇත්තේ එම පොඩි වරද කළ තාක්ෂණික නිලධාරීන්ට සහ ඔවුන් භාරව සිටි ක්‍රීඩා උළෙළට අදාළ කළමණාකරුවන්ට එරෙහිව යම් කිසි තරග ප්‍රමාණයක් හෝ තහනම් කිරීමටවත් ක්‍රියා කිරීමය.නැතිනම් මේ වැරදිවලින් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් විඳීමෙන් එහාට දෙයක් සිඳු නොවන බව ඉකුත් ඔලිම්පික් උළෙලට තේරෙන්නට නිලානි රත්නායකට නොහැකි වූ සුළු සෙන්ටි මීටර් ගණනේ වරදම වුව උදාහරණයකට සෑහෙන්නේය.//

සමීර වැනි අනාගතයක් ඇති තරුණයන් අතට මේ පත්වීම් ලැබීම සොම්නස් සහගතය.ඒ අලුත් තරුණ සුවඳ වැඩවලින් ද එළියට එන්නට තවත් තරුණ හැඟීම් (වයසම නොව) රෙක් විය යුතුය.එවිට අනුන්ව දැනුවත් කිරීමේ කාර්යය මෙන්ම පරිපාලනය පැත්තෙන් නිවැරදි වීමේ කාර්යයද සිඳුවෙනවා සැක නැත.

කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දුට ද තමන් කරන ලද වැඩ කොටස වඩාත් සාධනීය ලෙස තමන් වගකීම්වල සිටියත් නැතත් රටට ආශිර්වාදයක් වන සේ පෙරට ගෙන යන්නට හැකි ස්ථාවරයක් සැකසීම රටට වැදගත්ය.අප මුලින් යෝජනා කළ පරිදි මෙවර ඔලිම්පික් යන තරුශි කරුණාරත්නට මෙන්ම විරේන් නෙත්තසිංහට ද 2032 දක්වා යන්න ඇති දුර පැහැදිළිය.එසේම උදයංග මිහිරාන් බොක්සිං ක්‍රීඩකයා මෙන්ම නෙත්මි අහිංසා මල්ලව පොර ක්‍රීඩිකාව ද ඒ ගමණට සුදුසුය.අලුතින්ම රුමේෂ් තරංග ද එක් වන්නේය.ඔහුට ද අවුරුදු 21 කි.
මේ පස් දෙනා 2024 සහ 2032 එක් කර තනන අලුත් ගමණක සංචිතයකින් පාලනය කරන්නට හැකිනම් වැදගත්ය.

සිය රට දේ සිරි සැප දේ කියන බොරුවෙන් වැළකී මේ පස් දෙනා වඩාත් සුදුසු ලෝකයේ ඉහළම පහසුකම් තිබෙන තැනකට අධ්‍යාපනයත් සමඟම යොමු කරන්නේ නම් 2028 දී ම හෝ 2032 දී අපේ රටේ ඔලිම්පික් සිහින සැබෑ කරන ශක්තිය ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව පැහැදිළිය.හදිසියේ වුව මෙවර ඔලිම්පික් වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් කළ ක්‍රීඩා අමාත්‍යවරයාට සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට 2028 සහ 2032 සඳහා අප යෝජනා කරන පස් දෙනාගෙන් අලුත් ගමණක් පටන් ගන්න හැකිනම් වැදගත්ය.ඔලිම්පික් පහසු නැත.මෙවර ද තරගාවලයට යන්නේම පහකි.එයින් ද දෙදෙනෙක් විශ්වීය පහසුකම් යටතේ ය.අපි ඉවසීමෙන් සහ අවධානයෙන් බලා සිටින්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan