වතු කම්කරු වැටුප 1700 කළ ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් !

0
371

සටහන – රුවන් නෙළුගොල්ල

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (04) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, එම ගැසට් නිවේදනයට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමිනි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ 2024 අප්‍රේල් 30 වනදා සිට බලාත්මක වන පරිදි ය.