පල්ලේගම විජිත හිමියන්ගේ පැවිදි දිවියට සිව් දශකයක් සපිරේ!

Date:

කොළඹ LNW:නවදිල්ලි ශ්‍රී ලංකා වන්දනා නිකේතනාධිපති සහ රජගහනුවර වේළුවන ලංකාරාමාධිපති දඹදිව ආනන්ද බෝධි සමාගමේ උපසභාපති පූජ්‍ය පල්ලේගම විජිත හිමිගේ පැවිදි දිවියට සිව් දශකයක් සපිරීම නිමිත්තෙන් පවත්වන විජිතාභි නන්දන කෘතගුණ පූජා පින්කම ජූලි හත්වෙනිදා (07) දවස පුරා දෙණියාය පල්ලේගම ඛෙත්තාරාම මහා විහාරයේ පැවැත්වෙයි.

“ඉන්දියාවේ රසම තේ එක දෙන රජගහනුවර පන්සලේ හාමුදුරුවන්” ලෙස ද “අමාරුවේ නොවැටී දිල්ලියේ යන හැටි කියලා දෙන නවදිල්ලියේ හාමුදුරුවන්” ලෙස ප්‍රකට පල්ලේගම විජිත හිමිපාණන්ගේ පැවිදි දිවියට වසර හතලිහක් සම්පූර්ණවීම නිමිත්තෙන් පවත්වන මෙම පින්කම් මාලාවට සමගාමීව, මොරවක් කෝරළේ පිරිවෙන් හි ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා දහසකට (සුදු යකඩ) සුවිශේෂ පාත්‍රා පූජාවක් ද තමන්ගේ පැවිදි දිවිය පෝෂණය කළ සතර පේරුවේ දායක දායිකාවන් හාර දහසකට (4000) දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද, තමන්ට දන් පැන් ද දෙමින් තමන්ව රැකබලා ගත් දායක පවුල් දෙදහසකට උපහාර පිදීම ද මෙදින සිදු කෙරේ.

මීට සියවසකට එහා මොරවක් කෝරලේ මහා දානපති ඒ.ඒ.ඩබ්.මුහන්දිරම් මහතා ඉදිකළ මෙම විහාරස්ථානයේ ධර්ම ශාලාව මීට වසර හතලිහකට පෙර එතුමන්ගේ පුත්‍රයා වන කෝලිත රත්නායක මහතා ප්‍රමුඛ එම පවුලේ සාමාජිකයන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා මේ වන විට අබලන් වී ඇති බැවින්, ධර්ම ශාලාව ඇතුළු විහාරාරාම ප්‍රතිසංස්කරණය සඳහා සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවා එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වසරක් ඇතුළත එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමේ කටයුතු ද මෙදින ආරම්භ කෙරෙන බව විහාර සංවර්ධන කාර්ය සාධක සභාව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මරික්කාර්ට ඇන්නවූ මුජිබර් – මුජිබර්ට ඇන්නවූ මරික්කාර් නිසා සජබට කොළඹ, කොලොන්නාව දෙකම අහිමි වෙලා ?

සමගි ජන බලවේගය ස්ථිරවම බලය අල්ලනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි...

ඊශ්‍රායලය, ඉරාන ආරක්ෂක ඒජන්සියට පහර දේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් ගුවන් හමුදාව...

බංගලාදේශය හොඳ තැනෙක

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: බංගලාදේශය සහ ශ්‍රී ලංකාව...

රිමාන්ඩ් කළ කෙහෙළිය ඇතුළු පිරිසට බන්ධනාගාරයේ ලැබුණු තැන!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු...