හිටපු ඇමති කෙහෙළියගේ පවුලේ ස්ථාවර තැන්පතු හා රක්ෂණ ඔප්පු තාවකාලිකව අත්හිටුවීමට නියෝගයක්!

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් එම නියෝගය නිකුත්කළ අතර එම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු වල වටිනාකම රුපියල් මිලියන 97කට අධික බවයි වාර්තා වන්නේ.

මෙම ගිණුම් තාවකාලිකව අත්හිටුවීම සඳහා මහාධිකරණය වෙත කරුණු දක්වා තිබුණේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි.

එම බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු පවත්වාගෙන ගොස් ඇත්තේ හිටපු අමාත්‍යවරයා, ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ එක් දියණියකගේ ස්වාමි පුරුෂයාගේ නමිනි.

සැකකටයුතු ගණුදෙනු වලින් එම මුදල් උපාය ගෙන ඇති බවට වන සැකය මත විමර්ශන සඳහා එලෙස තාවකාලික තහනමකට ලක් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...