*
Monday, July 8, 2024
spot_img

Latest Posts

බ්‍රිතාන්‍යය මහ මැතිවරණය: කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්; නව අගමැති ශ්‍රීමත් කියර් ස්ටාර්මර් යනු කවුද?

BBC: එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.

ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත.

මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනාගෙන ඇති අතර මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110කට වැඩි සංඛ්‍යාවක් පමණි.

වසර 14ක් පුරා කම්කරු පක්ෂයට එරට පාලන බලය ලබා ගැනීමට නොහැකි විය.

ඒ අනුව වසර හතරකට පෙර ශ්‍රීමත් කියර් දැඩි වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින් වෙනුවට කම්කරු පක්ෂයේ නායකයා ලෙස පත් කෙරුණු අතර ජයග්‍රහණය කරා ගෙන යාමේ අරමුණින් පක්ෂය නැවත දේශපාලන ගමන් මගේ මධ්‍යස්ථ ස්ථානයක් වෙත ගෙන ඒමට ඔහු විසින් කටයුතු කරනු ලැබීය.

දේශපාලනයට පෙර ජීවිතය

ශ්‍රීමත් කියර් නීතීඥයෙකු ලෙස කීර්තිමත් වෘත්තීය දිවියක් ගත කිරීමෙන් පසු ජීවිතයේ 50 වන වියේ පසුවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්විය.

කෙසේ වෙතත්, ඔහු සෑම විට ම දේශපාලනය කෙරෙහි උනන්දුවක් දැක්වූ අතර ඔහුගේ තරුණ අවධියේදී සිට ම රැඩිකල් වාමාංශිකයෙකු විය.

දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක දරුවෙකු ලෙස ඔහු 1962දී ලන්ඩනයේ උපත ලැබූ අතර සහ ඔහු හැදී වැඩුණේ අග්නිදිග එංගලන්තයේ සරේහි ය. ඔහුට කම්කරු පන්ති මූලයන් ඇති බවට ඔහු නිතර සඳහන් කරයි. ඔහුගේ පියා කර්මාන්ත ශාලාවක මෙවලම් සාදන්නෙකු වූ අතර ඔහුගේ මව හෙදියක් වූවා ය.

මෙම පවුල කම්කරු පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෝ වූහ. එහි ප්‍රථම නායකයා වූ ස්කොට්ලන්ත පතල් කම්කරුවෙකු වන කියර් හාඩිගේ නමින් ශ්‍රීමත් කියර්ට නම් තැබිණි.

පවුල සමග ඔහු ගත කළ කාලය එතරම් සුන්දර නොවීය. ශ්‍රීමත් කියර් පවසන්නේ, ඔහුගේ පියා හැඟීම් විරහිත සහ දූරස්ථ පුද්ගලයෙකු වූ බව ය. ඔහුගේ මව ඇගේ ජීවිතයේ දිගු කලක් ස්ටිල්ගේ රෝගය නම් ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගී තත්ත්වයකින් පීඩා විඳි අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඇයට ඇවිදීමට සහ කතා කිරීමට නොහැකි විය. ඇයට ඇයගේ පාදය කපා ඉවත් කිරීමට ද සිදු විය.

ශ්‍රීමත් කියර් වයස අවුරුදු 16දී කම්කරු පක්ෂයේ ප්‍රාදේශීය තරුණ ශාඛාවට සම්බන්ධ විය. කලක් ඔහු ‘Socialist Alternatives’ නම් රැඩිකල් වාමාංශික සඟරාවක් ද සංස්කරණය කළේ ය.

Sir Keir as a student
ඡායාරූප ශීර්ෂ වැකිය,ශ්‍රීමත් කියර් ස්ටාර්මර් විශ්වවිද්‍යාල සමයේදී

ඔහුගේ පවුලේ පළමුව විශ්වවිද්‍යාලයක් වෙත ගිය පුද්ගලයා ශ්‍රීමත් කියර් ය. ඔහු ලීඩ්ස් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල නීතිය හැදෑරූ අතර පසුව මානව හිමිකම් පිළිබඳ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කළේ ය.

මෙම කාලය තුළ ඔහු කැරිබියන් සහ අප්‍රිකාව පුරා රටවල මරණ දඬුවම අහෝසි කිරීම වෙනුවෙන් කටයුතු කළේ ය.

1990 ගණන්වල ක්‍රියාත්මක වූ සුප්‍රසිද්ධ නඩුවකදී, ඔහු පරිසර ක්‍රියාකාරීන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටියේ ය. එය මහා පරිමාණ අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ්ස් විසින් පවරනු ලද අපහාස නඩුවකි.

2008 වසරේදී, ශ්‍රීමත් කියර් රජයේ අභිචෝදක කාර්යාලයේ අධ්‍යක්ෂවරයා සහ Crown Prosecution Service හි ප්‍රධානියා බවට පත් වූයේ එංගලන්තයේ සහ වේල්සයේ ජ්‍යෙෂ්ඨතම අභිචෝදක බවට පත් පත්වෙමිනි. ඔහු 2013 දක්වා එම රැකියාවේ නිරත වූ අතර 2014දී නයිට් පදවිය ලැබීය.

Sir Keir being knighted in 2014
ඡායාරූප ශීර්ෂ වැකිය,ශ්‍රීමත් කියර් 2014 දී නයිට් පදවිය ලැබීය

කම්කරු පක්ෂයේ නායකයා බවට පත් වීම

ශ්‍රීමත් කියර් 2015දී ලන්ඩනයේ හොල්බෝන් සහ සාන්ත පැන්ක්‍රස් මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

දැඩි වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය විරුද්ධ පක්ෂය ලෙස කටයුතු කළේ ය. ඔහු ශ්‍රීමත් කියර් ඡායා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා බවට පත් කළේ, සංක්‍රමණ වැනි ක්ෂේත්‍රවල ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය විමර්ශනය කිරීමට ය.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දීමෙන් පසුව, ශ්‍රීමත් කියර් බ්‍රෙක්සිට් කටයුතු සම්බන්ධ ඡායා ලේකම්වරයා ලෙස පත් කෙරිණි. ඔහු එම තනතුර දෙවන ජනමත විචාරණයක් වෙනුවෙන් හඬ නැගීමට භාවිත කළේ ය.

Sir Keir Starmer and Jeremy Corbyn in 2019
ඡායාරූප ශීර්ෂ වැකිය,ශ්‍රීමත් කියර් වාමාංශික නායකයෙකු වූ ජෙරමි කෝබින්ගෙන් කම්කරු පක්ෂයේ නායකත්වය භාර ගත්තේය

2019 මහ මැතිවරණයෙන් පසු ශ්‍රීමත් කියර්ට කම්කරු පක්ෂයේ නායකයා වීමට අවස්ථාව ලැබිණි. මෙය පක්ෂයට ව්‍යසනයක් විය. එනම් 1935න් පසු එහි දරුණුතම පරාජය ත් ජෙරමි කෝබින්ට ඉල්ලා අස්වීමට බල කිරීමත් එම මැතිවරණ පරාජය හරහා සිදුවිය.

ශ්‍රීමත් කියර් වාමාංශික කරළියක් මත කම්කරු නායකත්වය දිනා ගත්තේ, බලශක්ති හා ජල සමාගම් ජනසතු කිරීම සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ උපකාරක පන්ති පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටිමිනි.

ජෙරමි කෝබින් කම්කරු පක්ෂය වාමාංශිකයින් සහ මධ්‍යස්ථ මතධාරීන් ලෙස බෙදා වෙන් කළේ ය.

ශ්‍රීමත් කියර් කියා සිටියේ, තමාට පක්ෂය එක්සත් කිරීමට අවශ්‍ය වූ නමුත් ඔහුට කෝබින්ගේ ‘රැඩිකල්වාදය’ අත් නෑර තබා ගැනීමට ද අවශ්‍ය බව ය. මධ්‍යස්ථ මත වෙත ‘ඕනෑවට වඩා නැඹුරු වීමට’ එරෙහිව ඔහු අනතුරු ඇඟවීය.

එතැන් සිට ශ්‍රීමත් කියර් විසින් ජෙරමි කෝබින්ගේ පාර්ලිමේන්තු කම්කරු පක්ෂයේ තනතුර අත්හිටුවනු ලැබ ඇත්තේ කෝබින් නායකයාව සිටියදී ඇවිළුණු යුදෙව් විරෝධිවාදය පිළිබඳ ආරවුලක් හේතුවෙනි.

පක්ෂයේ වාමාංශික බොහෝ දෙනෙකු පවසන්නේ, මධ්‍යස්ථ මන්ත්‍රීවරුන් පමණක් පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රීමත් කියර් පක්ෂය තුළ දිගුකාලීන මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ය.

ශ්‍රීමත් කියර්ගේ ස්ථාවරය කුමක් ද?

ශ්‍රීමත් කියර් සිය නායකත්ව ව්‍යාපාරයේදී කුමක් කීව ද, ජයග්‍රණය කරා යොමු කළ හැකි පරිදි දේශපාලන ගමන් මගේ මධ්‍යස්ථ ස්ථානයක් දෙසට පක්ෂය යොමු කර ඇත.

ඔහු රැඩිකල් යෝජනා ක්‍රම කිහිපයක් රැක ගනිමින්, එක්සත් රාජධානියේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල දුර්වල තත්ත්වය සඳහන් කරමින් බොහෝ මිල අධික ප්‍රතිපත්ති අත්හැර දැමීය.

ජනසතු කිරීම

ශ්‍රීමත් කියර් බලශක්ති හා ජල සමාගම් ජනසතු කිරීම සම්බන්ධයෙන් වූ ඔහුගේ පෙර යෝජනා අත්හැර දමා ඇත.

කෙසේ වෙතත්, ‘Great British Railways’ නම් නව සමාගමක් යටතේ වසර පහක් ඇතුළත මගී දුම්රිය සේවා සියල්ල ම පාහේ නැවත පොදු අයිතියට පත් කිරීමට ඔහු පොරොන්දු වී තිබේ.

අධ්‍යාපනය

රජයට දැරිය නොහැකි බව පවසමින් ශ්‍රීමත් කියර් විශ්වවිද්‍යාල සිසුන්ගේ උපකාරක පන්ති ගාස්තු අහෝසි කරන බවට වූ ඔහුගේ පෙර ප්‍රතිඥාව අත්හැර දමා ඇත.

ඔහු මැයි මාසයේදී බීබීසීයට මෙසේ පැවසීය: ‘අපි වෙනස් ආර්ථික තත්ත්වයක ඉන්න නිසා අපිට ඒ පොරොන්දුව ඉටු කරන්න බැරි වෙන්න පුළුවන්.’

කෙසේ වෙතත්, ශ්‍රීමත් කියර් පවසන්නේ, බ්‍රිතාන්‍යයේ පෞද්ගලික පාසල් ගාස්තු සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීම කම්කරු පක්ෂය ආරම්භ කරන බව ය.

Sir Keir and his wife Victoria wave from a party conference stage
ඡායාරූප ශීර්ෂ වැකිය,ශ්‍රීමත් කියර් ස්ටාර්මර්ගේ බිරිඳවන වික්ටෝරියා පක්ෂ සම්මන්ත්‍රණවලදී ඔහු අසලින්ම සිටින අයුරු දැකගත හැකිය

පරිසරය

හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා වසරකට පවුම් බිලියන 28ක් (ඩොලර් බිලියන 35ක්) වැය කරන බවට 2021දී පොරොන්දු වුව ද ලේබර් පක්ෂය විසින් එම අගය අඩු කර ඇති නමුත් අක්වෙරළ සුළං බලාගාර ඉදිකිරීම සහ විදුලි වාහන සඳහා බැටරි කර්මාන්තශාලා සංවර්ධනය කිරීම වැනි පොරොන්දුවල වෙනසක් නොවනු ඇත.

මෙය ඔහු ප්‍රධාන ප්‍රතිපත්තිමය පොරොන්දුවකින් ‘ඉටු නොකර සිටීමට’ උත්සහ කරන බවට කොන්සර්වේටිව් පක්ෂයෙන් විවේචනයට තුඩු දී තිබේ.

මෑතකදී, ශ්‍රීමත් කියර් GB Energy නම් නව සමාගමක් හරහා හරිත බලශක්තිය සඳහා පවුම් බිලියන 8ක් ආයෝජනය කිරීමට පොරොන්දු වී ඇත.

2030 වන විට එක්සත් රාජධානියේ විදුලි නිෂ්පාදනයෙන් සම්පූර්ණයෙන් ම පාහේ පොසිල ඉන්ධන ඉවත් කිරීමට ඔහු ප්‍රතිඥා දී ඇත. බොහෝ විශේෂඥයින් විශ්වාස කරන්නේ, එය කළ නොහැකි බව ය.

ඊශ්‍රායලය සහ ගාසා තීරය

2023 ඔක්තෝබර් මාසයේදී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, ශ්‍රීමත් කියර් ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම්වලට සහ ඔවුන්ට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය වෙනුවෙන් සහය දැක්වීය.

මෙය බොහෝ පලස්තීන හිතවාදී ඡන්ද දායකයින් කෝපයට පත් කළ අතර, ඔහු වහා සටන් විරාමයක් ඉල්ලා සිටි කම්කරු මන්ත්‍රීවරුන් විශාල ගණනකගේ බලවත් විරෝධයට ලක් විය.

කෙසේ වෙතත්, මේ වසරේ පෙබරවාරි මාසයේදී ඔහු ‘පවත්නා සටන් විරාමයක්’ ඉල්ලා සිටියේ ය. ‘දැන් සිදුවිය යුත්තේ මෙය යි.’

මාර්තු මාසයේ පවත්වන ලද YouGov මහජන මත විමසුමකට අනුව, එක්සත් රාජධානියේ 52%ක පිරිසක් සිතුවේ ඔහු මෙම ගැටලුව දුර්වල ලෙස හසුරුවන බව ය.

ඊශ්‍රායලය හා සම්බන්ධ නෞකා වෙත හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් යේමනයේ එම කැරලිකරුවන්ගේ කඳවුරුවලට එක්සත් රාජධානිය බෝම්බ හෙළීමට ද ශ්‍රීමත් කියර් සහය දුන්නේ ය.

යුරෝපය

2019දී ශ්‍රීමත් කියර් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු ද යන්න පිළිබඳ දෙවන ජනමත විචාරණයක් පැවැත් විය යුතු යැයි යන්න පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කළේ ය.

ඔහු දැන් පවසන්නේ බ්‍රෙක්සිට් වෙත ආපසු යාමේ සූදානමක් නොමැති නමුත් ආහාර, පාරිසරික සහ කම්කරු ප්‍රමිතීන් වැනි දේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග නව සහයෝගීතා ගිවිසුම්වලට එළඹීම පිළිබඳව සාකච්ඡා කරන බව ත් ය.

‘මම පරදින්න අකමැතියි’

Sir Keir celebrates an England goal during a 2022 Fifa Wold Cup match against Wales
ඡායාරූප ශීර්ෂ වැකිය,ශ්‍රීමත් කියර් ස්ටාර්මර් දැඩි පාපන්දු රසිකයෙකි

ශ්‍රීමත් කියර් ස්ටාර්මර් බොහෝ විට සිය උදාසීන ගති පැවතුම් හේතුවෙන් ඔහුගේ විරුද්ධවාදීන්ගේ සමච්චලයට වෙයි.

ඔහු තමා නීති රීතිවලට ඇලී සිටින්නෙකු ලෙස නිරූපණය කිරීමට කැමති අතර, එක් සගයෙක් ඔහු “Mr Rules” යන අන්වර්ථ නාමය පවා තැබීය.

ඔහු නීතියට හසු වී ඇත්තේ එක් වරක් පමණි. තරුණයකු ලෙස වෙළෙඳාම් කිරීම සඳහා බලපත්‍රයක් නොමැතිව අයිස්ක්‍රීම් අලෙවි කරමින් සිටියදී ඔහු පොලිසියට හසුවිය. එම අවස්ථාවේදී අයිස්ක්‍රීම් රාජසන්තක වූ අතර, ඉන් ඔබ්බට ක්‍රියාමාර්ගයක් ගැනීම සිදු නොවිණි.

ඔහු සම්මුඛ සාකච්ඡාවලදී ඔහු තරමක් ඔහුගේ අභ්‍යන්තර ස්වභාවය පිළිබඳව පැවසීමට අදිමදි කරන නමුත් තරග කිරීමට සහ සාර්ථක වීමට දැඩි ආශාවක් ඇති බව තරයේ පවසයි.

ඔහු එක්සත් රාජධානියේ ගාඩියන් පුවත්පතට මෙසේ පැවසීය: “මම පරදින්න අකමැතියි. සමහරු කියන්නේ සහභාගී වීම තමයි වැදගත් කියලා. මම ඒ කඳවුරේ නැහැ.”

ශ්‍රීමත් කියර් 2007 වසරේදී ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කරන ඔහුගේ බිරිඳ වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් සමග විවාහ විය. මෙම යුවළට දරුවන් දෙදෙනෙකු සිටියි.

ඔහු තම විවේක කාලය පාපන්දු (five-a-side football) ක්‍රීඩා කිරීමට යොදවන අතර ආර්සෙනල් පාපන්දු කණ්ඩායමට වෙත සහය දක්වයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan