විශේෂ මෙහෙයුමකින් 300ක් ඉක්මවා අත්අඩංගුවට – රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් සඳහා සැලසුම්!

කොළඹ LNW:කඳාන, ජා ඇල, වත්තල හා රාගම යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) රාත්‍රිය පුරා සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා නාවික හමුදාව එක්ව සිදු කර ඇත.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීමේ දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එම සෝදිසි කිරීම් සදහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...