අදත් වැඩි වාසි ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජූලි 05, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන දෙවන එක්දින තරගය අද (ජූලි 5 වන දා) ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.මෙ මොහොත වන විට කොළඹ අහස තරගයට අරියාදු කරන්නට එන බවක් දැකිය නොහැකි අතර හදිසියේ එවැනි තත්ත්වයක් ඇති නොවන්නේනම් තරගය සඳහා සපුරා යහපත් තත්ත්වයක් දකින්නට තිබෙනවා.
ශ්‍රී ලංකාව ජය ගත් පළමු තරගයේදී බංගලාදේශ පන්දු යවන්නන් අතරින් ඔවුන්ගේ වේග පන්දු යවන්නන් හොඳ මට්ටමක සිටියත් ශ්‍රී ලංකා කඳවුරේ වැඩි ගෙරව දිනා ගත්තේ දඟ පන්දු යවන්නෝ වීම නිසා අද දිනයේ මිලාන් රත්නායක වෙනුවට දුනිත් වෙල්ලාලගේ කැදවා ඇත. පළමු තරගය ක්‍රීඩා කළ ඒෂාන් මාලිංග වෙනුවට කළෙකට පසු එක්දින පිටියට දුෂ්මන්ත චමීර කැඳවීමට ද තීරණය කර තිබෙනවා.


ශ්‍රී ලංකාව මේ තරගය ජය ගතහොත් පිට පිටම ජයගනු ලබන පස්වන තරගය මෙය වෙනවා.එසේම බංගලාදේශය තරග හයක් තුළ එකම ජයග්‍රහණයක් වාර්තා කර නැති අතර එක් තරගයක් විසඳුමකින් තොරය අවසන් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...