පුරාණ ජනගහනයක හැඟීම්හි කලාත්මක ප්‍රකාශන ; චිලීහි මමී

Date:

ඊජිප්තුව සතුව ලොව වඩාත් කුප්‍රකට මමී පවතියී. ඒ වෙනුවෙන් දිගු දුර ඉතිහාසයක් ද තිබේ. එනමුත් ඒවා පැරණිතම මමී නොවන්නේ වසර 7000ක් පැරණි මමී චිලියෙන් හමු වීමත් සමඟය.

නිල බලයෙන් ජනරජයක් වන චිලි දේශ‍ය දකුණු ඇමරිකා මහද්විපයට අයත් රාජ්‍යකි. උතුරින් පේරුදේශයෙන් ද ඊසාන ‍බොලිවියාවෙන් ද නැගෙනහිරින් ආජන්ටිනායවෙන් ද මායිමි වන මෙය ඇනඩිස් කදු පන්තිය සහ පැසිපික් සාගරය අතර සිහින් තිරැවක විහිද පවති රටෙ භුමියෙන් බහුතරය ඇන්ඩිස් කදු වලින් වැසි පවති. චිලී රාජ්‍යය වනාන්තර, තණ බිම්, ගිණි කඳු හා විල් වලින් යුක්තය. දකුණු වෙරළ තීරය, සංකීර්ණ අතුරු මාර්ග, කලපු, ඇළ මාර්ග, අර්ධද්වීප සහ දූපත් වලින් යුක්තවේ. ලීහි හැඩය ගන්නා ජීවි විශේෂ දක්නට ඇති අතර විවිධ වර්ණයන්ගෙන් යුත් බිම් තීරය කි.මී. 4300(හැතැප්ම 2700) දිගු වන අතර, කි.මී. 175 (හැතප්ම 109) පළල්ය. එහි ස්වාභාවය විවිධ වන අතර, ලෝකයේ වියළිම කාන්තාරය වන ඇටකාමා පිහිටා තිබේ.

ඇටකාමා කාන්තාරයෙන් ඊජිප්තුවෙන් වසර 2000කට පෙර පැවැති මමී සොයාගෙන තිබේ. චින්චෝරෝ යනු චිලියේ උතුරේ හා පේරුහි දකුණේ වාසය කළ පපළමු මිනිසුන්ය. භෞතික මානව විද්‍යාඥයෙකු වන බර්නාඩෝ අරියාසා ප්‍රකාශ කර තිබුණේ ඔවුන් ඇටකාමා කාන්තාරයේ පුරෝගාමීන් බවයි. තවද, ක්‍රි.පූ. 5,000 දී පමණ ආරම්භ වූ ඔවුන්ගේ මළවුන් මමීකරනය කරන ලද ලොව ප්‍රථම සංස්කෘතිය ද ඔවුන් සතුව වන බව ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සුසාන භූමිහි පවතින පුරාවිද්‍යාත්මක වැදගත්කම හේතුවෙන් 2021වසරේ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

ක්‍රි.පූ 5450 සිට ක්‍රි.පූ 890 දක්වා ඇටකාමා හි පැසිෆික් වෙරළ තීරයේ ජීවත් වූ මෙම සමුද්‍ර දඩයම්කරුවන් සිය ගණනකගේ නටබුන් අරිකා සහ පරිනාකෝටා ප්‍රදේශවලින් සොයාගෙන ඇත. ඔවුන් පුරාණ සංස්කෘතිය නිරීක්ෂණයේදී සවිස්තරාත්මක මළ ගෙවල් සහ අවමංගල්‍ය පිළිවෙත් හෙළි කරනවා පමණක් නොව, ප්‍රජාවේ සමාජ හා අධ්‍යාත්මික ව්‍යුහයන් පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. මමීකරණය සමාජයේ ඉහළ පංතියට (ඊජිප්තියානුවන්ට මෙන්) වෙන් කර නොතිබුණ නමුත් එය සැමට චාරිත්‍රයක් විය.

අසමාන්‍ය තත්ත්ව හරහා ස්වාභාවික සංරක්ෂණයේ හෝ මරණ සුරක්ෂා කිරීම සදහා වු සංස්කෘතිකමය මානව කෘති වල ප්‍රතිඵලයක් ලෙස මේවා අදටද සුරක්ෂිතව ඇත.



SM – OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...