වී කිලෝවට 150ක් කතාව මම කිව්වේ ගෝඨාගේ ආණ්ඩු කාලේ. අපේ ආණ්ඩු කාලයට ඒක අදාළ නෑ – ඇමති නාමල්

වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 154ක් යැයි තමන් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවත් වර්තමානයට සාපේක්ෂව එම ගණනය කිරීම අදාළ නොවන බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“දැන් ඔය රුපියල් 150 කතාවක් කියනවානෙ මේ මම කිව්වායි කියලා. ඔව්, මම කිව්වා රුපියල් 154කට ආසන්න පිරිවැයක් යනවා වී කිලෝ එකක් නිෂ්පාදන වියදම, ඒ කාලෙට අදාළව මම ඒක කිව්වෙ. ඒ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, මහින්ද රාජපක්ෂ අගමැති. පොහොර තහනම් කළා. දැන් ඔය පොහොර නොමිලේ දුන්නා, පොහොර 350 ට දුන්නා කියලා තව පැත්තකින් තර්කයක් කරනවානෙ, ඒගොල්ලොම තමයි මේ පොහොර තහනම් කළේ. අන්න ඒ කාලෙ පොහොර මිටිය ගියා රුපියල් 40,000 – 50,000 ට. ඊටපස්සෙ ට්‍රැක්ටර් ගාස්තු අනං මනං එව්වා ටිකත් වැඩිවුණා. ඕකත් එක්ක අස්වැන්න අඩුවුණා. එතකොට නිෂ්පාදන වියදම ගණන් බැලුවාට පස්සේ 150ක් වැටුණා. ඕක තමයි අපි එදා කිව්වෙ එදා නිෂ්පාදන වියදමට සාපේක්ෂව. ඒක මේ අදට සාපේක්ෂව කියපු එකක් නෙවෙයි. වී වලට අපි සාධාරණ මිලක් ලබාදුන්නා පහුගිය කන්නවල. මේ කන්නයේ යම් ගැටලුකාරී තත්වයක් නිර්මාණය කරලා තියෙනවා, මේ තත්වය ආවෙ මේ යුද්ධයත් එක්කනෙ”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...