ෂැංහයි සහයෝගිතා සමුළුව සාර්ථකව නිම වේ

Date:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දින දෙකක කාලයක් පුරා පවත්වන ලද ෂැංහයි සහයෝගිතා සංවිධාන (SCO)යේ සමුළුව ඉතා සාර්ථකව ඊයේ(04) දිනයේදී නිමා වී තිබේ.

මෙවර සමුළුව සඳහා ඉන්දියාව, චීනය පකිස්ථානය, කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය සිය දායකක්වය ලබා දී ඇති අතර මෙවර සමුළුව අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබුණේ, වැග්නර් කුලී හේවා කණ්ඩායම විසින් දියත් කරන ලද කැරැල්ල විසුරුවා හැරීමට සමස්ත සමාජය එක්සත් පෙරමුනක් ලෙස ඉදිරියට ආ බවත් බලය තවදුරටත්, තමා යටතේ කේන්ද්‍ර වී ඇති බවත්ය.

මෙහිදී ලෝක නායකයන් අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ප්‍රකාශ කර තිබුණේ, ෂැංහයි සහයෝගිතා සංවිධානය සමස්ත කලාපයේ සාමය, සමෘද්ධිය සහ සංවර්ධනය සඳහා වැදගත් වේදිකාවක් වන බවත් ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, සම්බන්ධතාවය, එකමුතුකම, ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා අප ක්‍රියාත්මක විය යුතු බවයි.

එමෙන්ම වේදිකාව අමතමින් චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර තිබුණේ, කලාපීය නායකයින් ඔවුන්ගේ සම්බන්ධීකරණය ශක්තිමත් කර ගත යුතු බවත්, කලාපයේ බාහිර බලවේගවල බලපෑමට එරෙහි වන ලෙසත්, රටක අභ්‍යන්තරික කටයුතු වලට මැදිහත්වීම හෙලා දැකිය යුතු බවත්ය.

මෙවර සමුළුව වීඩියෝ සබැඳියක් හරහා ක්‍රියාත්මක වූ අතර මෙයට ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් දෙක වන ඉන්දියාව හා චීනය ඇතුළත් වීමත් සමඟ සමස්ත ලෝක ජනගහනයෙන් 40%ක් පමණ නියෝජනය වන බවයි පැවසෙන්නේ.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...